28.9 C
Colombo
Monday, June 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑදා අපි කාබනික පොහොර හදන තැන් 12ක් ඉදි කළා

එදා අපි කාබනික පොහොර හදන තැන් 12ක් ඉදි කළා

හිටපු ඇමැති වජිර අබේවර්ධන

කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන 12ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු 2015 පත් වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉදි කළ බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන පිළිබඳව හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ එජාප ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීමට පෙරේදා (16) පැවති රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා මෙසේ ද කීය.

“විදේශ ආධාරවලින් තොරව මහා භාණ්ඩාගාරයේ මුදිලින් රුපියල් ලක්ෂ 5000කට ආසන්න මුදලක් වැය කර ජපානයේ කවෂිමා තාක්ෂණය උපයෝගී කරගෙන මේ කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථාන ඉදි කළා. නමුත් එදා ආණ්ඩුව සිදු කළ වැඩ ගැන නිසි ප්‍රචාරනයක් නොදීමෙන් වරදක් සිදු කර ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2015දී රට භාර ගන්නා විට රටේ සමස්ත ආර්ථිකය අද මෙන් කඩා වැටී තිබුණත් ගෑස්, ඉන්ධන ඇතුළු බඩු මිල අඩු කර සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද රුපියල් 10,000කින් ඉහළ දැම්මා. නමුත් වත්මන් ආණ්ඩුවට එවැනි හැකියාවක් නෑ. සියලු භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ජනතාව අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටිනවා.”

ශිරෝමි අබයසිංහ