28.9 C
Colombo
Tuesday, June 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෙරවලපිටිය බලාගාරය අමෙරිකාවේ කඩා වැටෙමින් තිබෙන සමාගමකට දීලා

කෙරවලපිටිය බලාගාරය අමෙරිකාවේ කඩා වැටෙමින් තිබෙන සමාගමකට දීලා

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස

ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව කෙරවලපිටිය බලාගාරය දී ඇත්තේ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළේ කොටස් මිල වේගයෙන් කඩා වැටෙමින් තිබෙන සමාගමකට බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (16) ⁣පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ ගණන් බැලීමට අනුව කෙරවලපිටිය ගෑස් සැපයුමට පමණක් ඩොලර් මිලියන 800ක පමණ අලාභයක් රටට සිදු වෙනවා. නමුත් ගිවිසුමට අනුව කෙරවලපිටියට අමතරව කැලණිතිස්ස, කෙරවලපිටිය ආශ‍්‍රිතව ඉදිවන ඕනෑම බලාගාරයකට, මුතුරාජවෙල ඉදිවීමට නියමිත බලාගාරයට ගෑස් සැපයීමට සමාගමට පැවරෙන නිසා අවම වශයෙන් මේ පාඩුව ඩොලර් මිලියන 1500ක් පමණ විය හැකියි. ඒ අනුව මෙහි නාස්තිය දූෂණය ඉතාම පැහැදිලියි.

ඒ වගේම මේ බලාගාරයේ අයිතිය පවරා ගැනීමෙන් අමෙරිකානු එක්සත් ජනපදය අපේ රටට මැදිහත්වීමට බලපත‍්‍රයක් ගන්නවා. අපේ රටේ විදුලිබල සැපයුමෙන් 1/3ක් හෝ ඇතැම් විට 1/2ක් පමණ ඒකාධිකාරයක් ගොඩනඟා ගැනීමෙන් මේ රට පාලනය කිරීමේ හැකියාව අමෙරිකාවට ගත හැකියි. නිවෙස්වලට, කර්මාන්තශාලාවලට විදුලිය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඔවුන්ට හැකියි. ඉන්දියානු සාගරය භූ දේශපාලනිකව ආතතිකාරී තත්ත්වය තිබෙනවා. චීනය, ඉන්දියාව, අමෙරිකාව විවිධාකාර මැදිහත්වීම් කරමින් සිටිනවා. බලාගාරයේ අයිතිය හා ගෑස් සැපයුමට අමතරව ගෑස් ගබඩාව ලෙස තමන්ගේ නෞකාවක් කොළඹ වරායට ආසන්නව බටහිර වෙරළාසන්න මුහුදේ ස්ථීරව නවතා තැබීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.”

නුවන් හෙට්ටිආරච්චි