28 C
Colombo
Friday, May 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොහොර ප්‍රශ්නය විසඳුවේ නැත් නම් මහින්දානන්දට විශ්වාසභංගයක් ගේනවා

පොහොර ප්‍රශ්නය විසඳුවේ නැත් නම් මහින්දානන්දට විශ්වාසභංගයක් ගේනවා

සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් සාධාරණ විසඳුමක් ලබා දීමට විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පියවර නොගත හොත් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ගලගෙදර ප්‍රදේශයේදී ඊයේ (17) පැවැති සඳහම් යාත්‍රා වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය.

වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම අද දැවැන්ත අර්බුදයක් දක්වා ගමන් කර තිබෙන බවත් මෙය වී වගාවට පමණක් නොව එළවළු, තේ, පලතුරු ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට බලපා තිබෙන බවත් කී අත්තනායක මහතා මෙයට කඩිනමින් විසඳුමක් ලබා දීමේ වුවමනාවක් ආණ්ඩුවට හෝ විෂය භාර ඇමැතිවරයාට නොමැති බවද අවධාරණය කළේය.

ගොවි ජනතාව තමන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර පමණක් ලබා දෙන ලෙස ඉල්ලමින් රට පුරා උද්ඝෝෂණ සිදු කරන්නට පියවර ගෙන තිබෙන බවත් මෙය ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත් කිරීම සඳහා මග පාදනු ලබන්නේ වෙනත් කවුරුන් හෝ නොව ආණ්ඩුවම බවත් හෙතෙම කීය.

 

අසේල කුරුළුවංශ