28.4 C
Colombo
Wednesday, June 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙන්යාවේ පුහුණුව

මෙරට දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙන්යාවේ පුහුණුව

පසුගියදා කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය සමග තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙරට මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගත් බව අමාත්‍යවරයා පැවසීය.
 
පසුගියදින කිහිපය තුළ ශ්‍රී ලංකාව හා කෙන්යානු රාජ්‍යය අතරද්විපාර්ශ්වික හා ජන සමාජ අතර මිත්‍රත්වය වර්ධනය කරගැනීම සඳහා ඵලදායි හමුවීම් කිහිපයකට සහභාගී වූ අමාත්‍යවරයා,විශේෂයෙන්ම එහිදී කෙන්යානු ක්‍රීඩා අමාත්‍යවරිය වන ආචාර්ය අමීනා මොහොමඩ් මහත්මිය සමග මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා මට්ටම තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.
 
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව හා කෙන්යාව අතර ක්‍රීඩා ක්ෂේත්‍රයේ සම්පත් මෙන්ම ප්‍රවීනයන්ගේ අත්දැකීම් ද හුවමාරු කරගනිමින් සහයෝගයෙන් ක්‍රියා කිරීමටඑකගත්වය පළවිය.
 
ඒ අනුව‍, මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුල් කාර්තුව තුළ මධ්‍ය සහ දිගුකාලීන පුහුණුවීම් සඳහා ශ්‍රී ලාංකික මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු කෙන්යාව බලා පිටත් කරයැවීමට නියමිතයි.
 
ක්‍රීඩා ක්ෂේත්‍රයේ දස්කම් දක්වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පුහුණුව හා නිරන්තර දිරිගැන්වීම් ලබාදෙමින් ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරගැනීමට ඉඩ ප්‍රස්තාව සලසාදීමේ අරමුණින්මැදි දුර සහ දිගු දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබාගැනීමට අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
 
ලෝක ශ්‍රේණිගත කිරීම්වල විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්වන Eliud Kipchoge (5000m – Men), Abel Kirui ( marathon – Men), Ezekiel Kemboi (3000m – Men), Hellen Obiri(5000m – Women),Beatrice Chepkoech(3000m – Women – steeplechase)වැන්නන් බිහි කළ කෙන්යාව වැනි රටක පුහුණුව ලැබීම ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබෙන මහඟු අවස්ථාවකි.
 
ලැබෙන මෙවැනි අවස්ථාවන් නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන පුහුණුවීම් කටයුතු සිදුකර තම දක්ෂතා ඔපමට්ටම් කරගනිමින් ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්,ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ කරා ළඟා වනු ඇතැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ බලාපොරොත්තුව යි.