27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට බැරි වෙලා

රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට බැරි වෙලා

එජාප නායක රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නිලධාරීහු ඉකුත්දා සිරිකොතදී රැස් වූහ. “ලෝක ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුවට බැරි වෙලා. 2022 වසර කියන්නේ ජනතාවට තවත් පීඩා ගෙන දෙන වසරක්. ජනතාවට අද ජීවත් වෙන්න විදියක් නෑ. අපි ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ සැලසුම කියන්න ඕනෑ. විපක්ෂයේ කවුරුත් ඔවුන්ගේ සැලසුම ඉදිරිපත් කර නෑ.” යනුවෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කර දුන්නේය.

ඉන්පසුව අදහස් පළ කළේ එජාප නියෝජ්‍ය නායක, කැලණියේ එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතාය.

“කාබනික පොහොර ව්‍යාපෘතියක් එක පාරම ගොවියන්ගේ ඔළුව උඩට අත ඇරලා වගා කරන්න කියනවා. පෝර නැතිව කුඹුරු කරන්නේ කොහොමද? මහ කන්නය ආරම්භ කරන්න තව තවත් කල් යනවාද?” එජාප නියෝජ්‍ය නායකයා තමන්ට ලැබුණු තොරතුරු හෙළි කළේය.‍

මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ