28.1 C
Colombo
Thursday, May 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරැකියා බැංකුවක් ස්ථාපිත කරනවා.

රැකියා බැංකුවක් ස්ථාපිත කරනවා.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල

නිපුණතාවෙන් සපිරි ශ්‍රම බළකායක් මෙරට ස්ථාපිත කිරීමේ දස අවුරුදු සැලැස්ම යටතේ පුද්ගලික සහ රාජ්‍ය අංශය සමඟ ඒක් වී රැකියා බැංකුවක් ස්ථාපිත කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තිය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ‘දිනමිණ‘ට පැවැසීය.

මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කියා සිටි රාජ්‍ය අමාත්‍යවරිය ලබන මාසදී එය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බවත් කියා සිටියාය.

ඒ ඒ ආයතනවලට පුරප්පාඩු පිරවීමට ඉලක්කගත ලෙස දරුවන් පුහුණු කිරීමටත් අපි කටයුතු කරමින් සිටිනවා. රාජ්‍ය මේන්ම පුද්ගලික අංශය සමඟ බැඳී එහි ඇති රැකියා අවස්ථා සොයා බලා ඔවුන්ගේ රැකියාවට සුදුසුකම් රාමුව ඔවුන්ගෙන් ලබාගෙන ඒ ශ්‍රමිකයන් පුහුණු කිරීමත් අපි ආරම්භ කරනවා. ඒ සඳහා අවබෝධතා ගිවිසුම් 10කට වැඩි ප්‍රමාණයක් අපි අත්සන් තබා තිබෙනවා. පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාව ඇති වන ආකාරයට මේ ගිවිසුම් අත්සන් කර ඇති බව කියා සිටි රාජ්‍ය අමාත්‍යවරිය අපේ පුහුණුවන දරුවන් පිළිබඳ දත්ත රටේ රැකියා අවස්ථාවන් එක්ක තුලනය කරමින් රජයේ, පෞද්ගලික, හෝ විදේශ රැකියා පුරප්පාඩු සම්බන්ධයෙන් නිරන්තර සමීක්ෂණයක නියැලෙමින් තොරතුරු මත පදනම් වෙමින් ඉලක්ක ගත රැකියාවකට ඔවුන් යොමු කරවීමට කටයුතු කරමින් සිටින බවද කීවාය.

සුභාෂිණී සේනානායක