විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල
ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීම සඳහා ජනතාව පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන තෙක් බලා සිටින බවත් මේ බව දන්නා ආණ්ඩුව දවසින් දවස මැතිවරණ කල් දමන බවත් ජාතික සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
වසර දෙකකට වරක් කුමන හෝ මැතිවරණයක් පැවැත් වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණයක් බවත් ජනපතිවරණය පවත්වා දැන් වසර දෙකක් ගතව තිබෙන බැවින් ආණ්ඩුව කුමන හෝ මැතිවරණයක් පැවැත් විය යුතු බවත් ඒ මහතා කීය.
මේ අවස්ථාවේ පළාත් සභා හෝ පළාත් පාලන මැතිවරණවලින් කුමක් පැවැත් වුවත් ආණ්ඩුවට අත්වන්නේ පරාජය බවත් ඉදිරියේදී ජනතාව මහ පාරට බැස මැතිවරණ ඉල්ලන තත්ත්වයක් උදාවෙමින් තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
එක් පැත්තකින් වැටුප් ප්‍රශ්නය මුල් කර ගනිමින් ගුරුවරු වර්ජනය කරත්දී අනෙක් පසින් පොහොර ඉල්ලා ගොවීන් උද්ඝෝෂණ කරන බවත් මේ කිසිවකට විසඳුම් දීමට කටයුතු නොකිරීමෙන් ආණ්ඩුව පෙන්නුම් කරන්නේ තම නොහැකියාව බවත් මන්ත්‍රීවරයා කීය.
අසේල කුරුළුවංශ