26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊළඟ ආණ්ඩුවත් එහි නායකයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙක්

ඊළඟ ආණ්ඩුවත් එහි නායකයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

ඊළඟ ආණ්ඩුවත්, එහි නායකයාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයකු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

හිටපු ජනපතිවරයා මේ බව පැවැසුවේ ‘විසඳුමට ජවයක් නව ඇරඹුමකට සවියක්’ තේමාවෙන් පොළොන්නරුව බෞද්ධ මන්දිර ශාලාවේ පැවති ශ්‍රී පංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලයේ කාන්තා හා තරුණ හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා මෙසේ ද කීය.

“ඊළඟට බිහි වන ආණ්ඩුව පාලනය කිරීමේ රිමෝට් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතට ගන්නවා. අද වන විට රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට රැකියා විරහිත තරුණ තරුණියන් සොච්චම් මුදලකට හෝ විදේශගත වීමට උත්සාහ කරමින් සිටින බව පාස්පෝට් කාර්යාල ළඟ ඇති පෝලිම්වලින් මනාව වැටහෙනවා.

මේ වන විට ඇතැම් අර්බුද උග්‍ර වෙලා. පොහොර ප්‍රශ්නය නිසා ගොවීන් අසරණ වෙලා. මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමඟ මම විවිධ අවස්ථාවල සාකච්ඡා කළා. මෙවර වී වගා කරන්න බැරි වුණොත් ඉදිරියේදී ප්‍රශ්න රැසක් මතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ සඳහා වහාම විසඳුම් දිය යුතුයි.”

එම්.පී සරත් – පොළොන්නරුව දිස්ත්‍රික් සමූහ