24.5 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකම්කරු කාර්යාල කාර්යක්ෂම කිරීමට දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා

කම්කරු කාර්යාල කාර්යක්ෂම කිරීමට දිස්ත්‍රික් මට්ටමින් ජංගම සේවා

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

කොරෝනා වසංගතය නිසා යම් තරමකින් අඩපණවූ කම්කරු කාර්යාලවල සේවා කාර්යක්ෂම කිරීමට ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් ජංගම සේවාවක් පැවැත්වීමට කටයුතු කරන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඉකුත් 12 සහ 14 දිනවල අම්බලන්ගොඩ හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා කම්කරු කාර්යාල විවෘත කිරීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“රුපියල් මිලියන 85ක වියදමින් ඉදි කළ අම්බලන්ගොඩ කම්කරු කාර්යාලය මහල් හතරකින් සමන්විතයි. මහල් පහකින් සමන්විත කුරුණෑගල කම්කරු කාර්යාලයට වැය කළ මුදල රුපියල් මිලියන 185යි. දීර්ඝ කාලයක් කුලී පදනම මත සහ අවම ඉඩ පහසුකම් සහිතව ක්‍රියාත්මක වූ මේ කම්කරු කාර්යාලවල සේවා අපහසුතා සහ සේවාලාභීන් මුහුණ දුන් අපහසුතා මෙයින් අවසන් වෙනවා. විශේෂයෙන් සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ ප්‍රතිලාභ ගැනීම, කම්කරු පැමිණිලි විභාග කිරීම, කම්කරු වන්දි ගෙවීම් ආදිය මෙයින් කාර්යක්ෂමව සිදු වෙනවා. එසේම පසුගිය කාලයේ කොරෝනා වසංගතය නිසා කම්කරු කාර්යාලවල කටයුතු යම් පමණකට අඩපණ වූ නිසා එම ප්‍රමාද වූ කටයුතු කඩිනමින් සිදු කිරීමට ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් ජංගම කාර්යාල සේවාවක් පැවැත්වීමට ද බලාපොරොත්තු වෙනවා. කම්කරුවන්ගේ ප්‍රශ්න සඳහා සාධාරණ විසඳුමක් දිය යුතුයි. මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමට නිෂ්පාදන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට හෝ අඩපණ කිරීමට කටයුතු නොකිරීමත් කම්කරු ප්‍රජාවගේ වගකීමක්.

මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් උපරිමයෙන් ආරක්ෂා කරදීමට කම්කරු අමාත්‍යාංශය, හාම්පුතුන් හා වෘත්තීය සමිති සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කළා. එම නිසා මේ රටේ නිෂ්පාදන ආර්ථිකය කඩා නොවැටී පවත්වා ගෙන යෑමට හැකි වූණා. ඊට කැප වූ සේවක ජනතාවට ද වෘත්තීය සමිතිවලට ද සිදු කළ කාර්යය සම්බන්ධයෙන් කෘතඥතාව පළ කරනවා.”

අනුර ප්‍රේමලාල්