එළැඹෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා තරග අංශයේ පළමු කණ්ඩායම් හතරට එක්වීමේ අරමුණ ඇතිව ජාතික කාන්තා රග්බි සංචිතය පුහුණුවීම් ආරම්භ කර තිබේ. ජවසම්පන්න යොවුන් ක්‍රීඩිකාවන් වැඩි පිරිසකට අවස්ථාව සලසා දෙමින් නම් කර ඇති ජාතික කාන්තා රග්බි සංචිතයට ක්‍රීඩිකාවෝ 32ක් ඇතුළත් වෙති. පෙරේදා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට පෙනී සිටි මේ සියලු ක්‍රීඩිකාවන්ගේ පරීක්ෂණ ප්‍රතිඵල ‘නෙගටිව්‘ බව ‘දිනමිණ‘ කළ විමසුමකදී ජාතික කාන්තා රග්බි පුහුණුකරු සාලිය කුමාර ප්‍රකාශ කළේය.
‘අපිට මාස දෙකයි තිබ්බේ පුහුණුවීම්වලට. පළමු මාසයේදී අපි ඔන්ලයින් මඟින් පුහුණු කටයුතු සිදු කළා. මේ මාසයේදී සියලු ක්‍රීඩිකාවන් ගෙන්වා ගෙන සාමාන්‍ය පරිදි පුහුණුවීම් සිදු කරනවා.‘ සාලිය කුමාර සඳහන් කළේය.
‘මේ වගේ දුෂ්කර තත්ත්වයකදී කාන්තා රග්බි සංචිතය ආරම්භ කරන්න පසුබිම සකස් කිරීම ගැන රග්බි ආයතනයට ස්තූති කරන්න ඕනෑ. ඉදිරියේදී මේ සංචිතය ක්‍රීඩිකාවන් 20 දක්වා අඩු කරගෙන තරග සැලසුමට යන්නයි බලාපොරොත්තුව. තරුණ ක්‍රීඩිකාවන් රැසක් දැන් සංචිතයේ ඉන්නවා. එයාල එක්ක ආසියා ක්‍රීඩා උලෙළ දක්වා දිගු කාලීන සැලසුමකට යාමයි මගේ අරමුණ වෙන්නේ.‘ ජාතික සත් සාමාජික රග්බි පිලේ හිටපු ප්‍රබල ක්‍රීඩකයකු වූ සාලිය කුමාර එසේ කීවේය.
අපි දැනට ආසියාවේ අංක 6 ස්ථානයේ සිටින්නේ. එතැනින් ඉහළට යෑමට හැකි උපරිම උත්සාහය ගන්නවා. 6න් උඩට යන්න තමයි හිතනනේ. ආසියා තරගාවලියේදී අපිට පළමු කණ්ඩායම් 4ට එක්වෙන්න ලැබේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඒත් අපේ ලොකුම සැලසුම ලබන වසරේ පැවැත්වෙන ආසියා ක්‍රීඩා උලෙළයි.‘ ඔහු කීවේය.
කාන්තා රග්බි සංචිතයේ සහාය පුහුණුකාරිනිය ලෙස හිටපු ක්‍රීඩිකා සුජානි රත්නායක කටයුතු කරයි.
ෆවුස් මොහොමඩ්