25.6 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරුවරුන්ට බලපෑම් කිරීමෙන් අධ්‍යාපනයේ විනාශය ආරම්භ වෙනවා

ගුරුවරුන්ට බලපෑම් කිරීමෙන් අධ්‍යාපනයේ විනාශය ආරම්භ වෙනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර

ගුරුවරුන්ට බලපෑම් සිදු කිරීමෙන් මෙරට අධ්‍යාපනයේ විනාශය ආරම්භ විය හැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පෙරේදා (17) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුර‍ටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “යුද හමුදාවේ සිදු කරන අණදීම් මෙන් ආමන්ත්‍රණය කරමින් හෝ බියගන්වා හෝ දරුවන්ට ඉගැන්වීමට ගුරුවරුන් යොමු කරවීමට බෑ. ගුරුවරුන් බියගැන්වීමට අනුරාධපුරයේ දේශපාලනඥයකූ මුලපිරිම පිළිබඳව කනගාටු වෙනවා.ඉතිහාසයේ හනුමන්තා රට ගිනි තිබ්බා මෙන් වර්තමානයේදී ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කෘෂිකර්මාන්තයේ අර්බුදයක් ඇති කරමින් අසත්‍ය පතුරුවමින් රටම ගිනි තබා තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වන විට එම සහනය ජනතාවට නොදුන් වත්මන් රජය විසින් භාණ්ඩ කිහිපයක මිල ඉහළ දැමුවා වගේ ඉන්ධන මිල ද වැඩි කිරීමට කටයුතු කරමින් සිටිනවා. “

අමිල ප්‍රභාත් වනසිංහ – අනුරාධපුර අතිරේක