ටීඑන්ඒ නායක සී. විග්නේශ්වරන්
රජය විසින් අලුතින් ගෙන එන ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කර මේ රටේ සිංහල බෞද්ධත්වයට ඉතා ඉහළ තැනක් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, එසේ සකස් කරන නව ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාව කිසිදු අයිතිවාසිකමකට උරුමකම් නොකියන පිරිසක් බවට පත්වන බවත් උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති, දෙමළ ජනතා සන්ධානයේ නායක සී. විග්නේශ්වරන් මන්ත්‍රීවරයා පැවැසීය. ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (16) යාපනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
“පළාත් සභා ක්‍රමයෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳුණත් දෙමළ ජනතාවට හඬක් නැඟීමටත් ඔවුන්ගේ බලය පෙන්වීමටත් පළාත් සභා ක්‍රමයෙන් අවකාශ ලැබුණා. රජය පළාත් සභා මැතිවරණය හදිසියේම පැවැත්වීමට උත්සාහ දරන බවක් ජාත්‍යන්තරයට හා ඉන්දියාවට පෙන්නුම් කරනවා. නමුත් මේ වන විට දකුණේ ජනතාව රජය කෙරෙහි දක්වන ප්‍රසාදය අඩු වී රජය ප්‍රසිද්ධියේම විවේචනයට ලක් කරන තත්ත්වයක් හමුවේ පළාත් සභා මැතිවරණය කඩිනම් නොකරන බව මගේ විශ්වාසයයි.”
උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ