27.2 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනීතිපතිට අවශ්‍ය ලෙස අධි චෝදනා පත්‍ර ඉල්ලා අස් කර ගැනීමට නීතියක් නෑ

නීතිපතිට අවශ්‍ය ලෙස අධි චෝදනා පත්‍ර ඉල්ලා අස් කර ගැනීමට නීතියක් නෑ

ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල

බැසිල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරුන්⁣ගේ නඩු ඇතුළු අධි චෝදනා පත්‍ර රාශියක් නීතිපතිවරයා විසින් ඉල්ලා අස් කර ගෙන ඇති බවත්, නීතිපතිට අවශ්‍ය ලෙස අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීමට නීතියක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ බත්තරමුල්ල, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පෙරේදා (17) පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“මේ මොහොත වන විට නීතියේ බලයට, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන විශේෂ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් තිබෙනවා. සෑම සතියකට හෝ දෙකකට වතාවක් රාජපක්‍ෂ පවුලේ හෝ එම පවුලේ ආශිර්වාදය ලබන කිට්ටුවන්තයෙක් අධි චෝදනාවලින් නිදොස් කොට මුදා හරිනවා. නීතිපතිවරයා මේ ලෙස අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම රට හමුවේ සාකච්ඡා කරන්න ඕනෑ. බැසිල් රාජපක්‍ෂ මහත්තයාගේ නඩු, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නඩු, කෘෂිකර්ම ඇමැතිවරයාගේ නඩු ඇතුළු අධි චෝදනා පත්‍ර රාශියක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගත්තා. මේ ක්‍රියාවලිය මොකක්ද? මෙහෙම ක්‍රියාවලියක් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබෙනවාද?

යම් අපරාධයක් සම්බන්ධයෙන් මහජනයාට පැමිණිලි කළ හැකි ආයතන කිහිපයක් තිබෙනවා. පොලිසියට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් සම්බන්ධයෙන් නම් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මේ ස්ථානවලට කරන ලද පැමිණිලි අධි චෝදනාවකින් කෙළවර කළ යුතු නම් ඒ ඒ ආයතනවල විමර්ශන නිලධාරීන් සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරියකු එය පරිශීලනය කර වාර්තාවක් එක්ක ඉහළ නිලධාරියකුට යවනවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගන්න අවශ්‍ය නම් විමර්ශන නිලධාරීන් කැඳවා අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉහළ විමර්ශන නිලධාරියාට මේ අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් තවදුරටත් ඉහළ නිළධාරීන් එක්ක කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. එයින් මතු වන අඩුපාඩු සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියාට ලිපි ගොනුව යවනවා. අපරාධ නඩු අංශයේ ප්‍රධානියා, ඉහළ විමර්ශන නිලධාරියා සහ නීතිපතිවරයා සම්බන්ධවී අධි චෝදනාවේ තවදුරටත් පවතින ගැටලු සාකච්ඡා කරනවා. යම් ගැටලුවක් තිබෙනවා නම් පහළ නිලධාරීන් කැඳවා නිවැරදි කර ගන්නවා.”

නුවන් හෙට්ටිආරච්චි