ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න
කොවිඩ් වසංගතය නිසා ගොවිතැනට හානියක් නොවුන බවත් ගොවිතැනට හානිය සිදු කළේ මේ ආණ්ඩුව බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (18)‘දිනමිණ‘ට පැවසීය.
ඊට අමතරව පාසල් වසා තිබීයදී පවා ගුරු උත්ඝෝෂණයක් සිදු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම මෙම රජය විසින් කළ බවත් පෙන්වා දෙන හෙතෙම මේ වන විට රටේ ආර්ථිකය ද ඉතාම පහළ තත්ත්වයකට ඇද වැටී ඇති බව ද සඳහන් කළේය.
එක දවසක් ගෙන ගුරුවරුන්ගේ ගැටලුව ජනාධිපතිවරයාට සකච්ඡා කළ හැකි බවත් එසේ නොකර ඔහුගේ උද්දච්චකම පෙන්වන බවත් සඳහන් කරන විද්‍යාරත්න මහතා ගොවි ගැටලුවට ද විසඳුම් නොදෙමින් ගොවියාට තර්ජනය කර මෙය විසඳිය නොහැකි බවත් පැවසීය.
රටේ ප්‍රශ්න ගෙදර ප්‍රශ්න විසඳන අකාරයට කළ නොහැකි බවත් එයට විද්‍යානුකූල පියවරයන් ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
නුවන් හෙට්ටිආරච්චි