29.5 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන වසරේදී රටට දැඩි සාගතයකට මුහුණ පෑමට වෙනවා

ලබන වසරේදී රටට දැඩි සාගතයකට මුහුණ පෑමට වෙනවා

එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

පොහොර නොලැබීම නිසා ගොවියන් වගා කටයුතුවලින් ඉවත් වීමෙන් ලබන වසරේදී රටට දැඩි සාගතයකට මුහුණ පෑමට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දිනමිණට ඊයේ (18) පැවසීය.

පොහොර නොමිලේ ලබා දෙන බව බලයට ඒමට පෙර මහජනතාවට පොරොන්දුවක් ලබා දුන් වර්තමාන ආණ්ඩුව අද ගොවියාට මුදලටවත් පොහොර ලබා නොදෙන බවත් රසායනික පොහොර නැතිනම් කාබනික පොහොර හෝ හිඟයකින් තොරව නොමිලේ ලබා දීම ආණ්ඩුවේ වගකීම බවත් ඒ මහතා කීය. පැවති ආණ්ඩුවලදී ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර අඩු මිලට ලබා දී වැඩිපුර පොහොර භාවිතයට ගොවියා හුරු කරවීමේ වගකීම රාජපක්ෂ ආණ්ඩුව විසින් භාර ගත යුතු බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.

ශිරෝමි අබයසිංහ