කොවිඩ්-19 රෝගය වැලඳීම නිසා අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයකු වූ කොලින් පවෙල් පෙරේදා (18) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් විය. එරට හමුදාවේ ද කීර්තිමත් සේවා කාලයකට උරුමකම් කියූ පවෙල් මිය යන විට 84 හැවිරිදි වියෙහි පසු විය. ඔහු පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්වී සිටි බව ද ඔහුගේ පවුලේ අය කියති. ඔහු 2001 වසරේ දී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ජෝර්ජ් බුෂ් යටතේ පළමු අප්‍රිකානු – අමෙරිකානු සම්භවයක් ඇති රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය. ඉරාක යුද්ධයට සහාය ලබා දීම නිසා ඔහු විවේචනවලට ද ලක් විය. “අපට සිටි ආදරණීය සැමියෙක්, පියෙක්, සීයා කෙනෙක් සහ ශ්‍රේෂ්ඨ අමෙරිකානුවෙක් නැති විය“ යැයි ඔහුගේ පවුලේ අය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.