ඉන්දියාව යළි කොවිඩ් මර්දන එන්නත් අපනයනය ආරම්භ කර ඇත. එරට අවශ්‍යතාව සඳහා එන්නත් තොග ගබඩා කිරීමෙන් පසු ඉදිරි මාස කිහිපය තුළ අපනයනය වැඩි කිරීමට පියවර ගැනීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ භාරත් බයෝටෙක් සමාගම පසුගිය සතියේදී කොවැක්ස් එන්නත් මිලියනයක් ඉරානයට නැව්ගත කර ඇතැයි ටෙහ්රානයේ ඉරාන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
අසල්වැසි රටවලට කොවිඩ් වසංගය පාලනය කිරිමට සහය දැක්වීමක් ලෙස නේපාලයටද එන්නත් තොගයක් අපනයනය කර ඇති අතර, මේ දක්වා කොවිඩ් මර්දන එන්නත් මිලියන 4ක පමණ ප්‍රමාණයක් අපනයනය කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ වැඩිහිටි ජනතාවගෙන් හතරෙන් තුනකට මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා දී ඇතැයි ද, තවත් සැලකිය යුතු ප්‍රමාණයකට මාත්‍රා දෙකම ලබා දී ඇතැයි ද වාර්තාවේ.
එරට සීරම් ආයතනය මසකට ඇස්ට්‍රසෙනෙකා එන්නත් මිලියන 220ක් නිෂ්පාදනය කරන අතර, භාරත් බයෝටෙක් සමාගම මිලියන 30ක් සපයනු ලැබේ. එම ප්‍රමාණය ලබන මාසයේදී මිලියන 50ක් දක්වා වැඩි කිරිමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.