31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑංගලන්තයට ලබන වසරේදී මාස 3ක කොදෙව් සංචාරයක්

එංගලන්තයට ලබන වසරේදී මාස 3ක කොදෙව් සංචාරයක්

ලබන ජනවාරි මාසයේදී එංගලන්ත පිල බටහිර ඉන්දීය දූපත්හි මාස 3ක දීර්ඝ සංචාරයක නිරත වීමට නියමිතය. විස්සයි20 තරග 5ක් සහ ටෙස්ට් තරග 3ක් ඇතුළත් මේ සංචාරය ජනවාරි මස 22 සිට මාර්තු මස 28 දක්වා පැවැත්වේ.

ජනවාරි මස 22 දා සිට 30 දක්වා විස්සයි20 තරගාවලිය බාබඩෝස් හි පැවැත්වෙන බවත්, ටෙස්ට් තරගාවලිය ඇන්ටිගුවා, බාබඩෝස් සහ ග්‍රෙනේඩා හි පැවැත්වෙන බවත් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිවේදනය කළේය.