25.6 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඕමානය පරාජය කළ බංග්ලාදේශය සුපිරි වටයේ සිහිනය රඳවා ගනී

ඕමානය පරාජය කළ බංග්ලාදේශය සුපිරි වටයේ සිහිනය රඳවා ගනී

ඕමානයට එරෙහිව ලකුණු 26ක ජයක් අත්කර ගත් බංග්ලාදේශ කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට එක්වීමේ බලාපොරොත්තු තව දුරටත් රඳවා ගැනීමට සමත් විය. පළමු වටයේ තරගයක් ලෙස ඕමනයේදී ඊයේ රාත්‍රී පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල ඕවර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 153 හඹා ගිය ඕමාන පිල ඕවර 20 අවසානයේ රැස් කළේ කඩුලු 9කට ලකුණු 127ක් පමණි.

10 වැනි ඕවරය නිමා වන විට ඕමාන පිල කඩුලු 2ක් දැවී ලකුණු 70ක් ලබා සිටි අතර, 13 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් ආරම්භක පිතිකරු ජටින්දර් සිං ලකුණු 40කට දැවී යෑමත් සමඟ ජයග්‍රහණයේ බලාපොරොත්තු ගිලිහී ගියේය. බංග්ලාදේශ පන්දු යවන්නන් දැමූ පීඩනය හමුවේ අසරණ වූ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය.

සුපිරි පන්දු යැවීමක නිරත වූ මුෂ්ටාෆිසුර් රහ්මාන් කඩුලු 4ක් බිඳ දැමූ අතර, ශකීබ් අල් හසන් කඩුලු 3ක් දවාලීය.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 2ම ලකුණු 21ක් ඇතුළත බිඳ දැමීමට දුලිප් මෙන්ඩිස්ගේ පුහුණුකාරීත්වයෙන් යුතු ඕමාන කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වූවත් ආරම්භක පිතිකරු මොහොමඩ් නයිම් සහ ශකීබ් අල් හසන් එක්ව ඉනිම පිළිසකර කළේ තුන්වැනි කඩුල්ලට ලකුණු 80ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.

ලකුණු 42ක් ලබා සිටියදී ශකීබ් දුවද්දි දැවී යෑමට හසු වූ අතර, නයිම් ලකුණු 64කට දැවී ගියේය. පන්දු 50ක් වැය වූ නයිම්ගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වූ අතර, පන්දු 29ක් වැය වූ ශකීබ්ගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය.