28.4 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉන්දියාවට එයි

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉන්දියාවට එයි

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලිස් ට්‍රස් මේ සතියේදී ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතව ඇති අතර, එය ඇය ආසියාවේ සංචාරය කරන පළමු අවස්ථාව ද වේ. ඉන්දු -පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ දෙරට අතර වෙළෙඳ කටයුු ඉහළ නැංවීම මේ සංචාරයේදී වැඩි අවධානයකට ලක් කෙරෙන කරුණු වනු ඇතැයි ඉන්දීය පුවත්පත් වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරියගේ තුන්දින සංචාරය අතරතුර ඇය ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශංකර් සමඟ ද්විපාර්ශික සාකච්ඡාවකට එක්වීමෙන් පසු මුම්බායි නුවර ඉහළ මට්ටමේ වෙළෙඳ ව්‍යාපාරිකයන් හමුවීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

කොවිඩ් එන්නත්කරණයට ලක්වූ දෙරටෙහි ගුවන් මගීන් නිරෝධායනය කිරිම සම්බන්ධව දෙරට අතර මෑතකදී මතභේදයක් හටගෙන තිබූ අතර, ඉන්දීය සංචාරකයන්ට එම නීතිය ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය පසුගියදා පියවර ගත්තේය. ඊට දින කිහිපයකට පසු බ්‍රිතාන්‍ය සංචාරකයන්ට පනවා තිබූ නිරෝධායන නීතිය ඉවත් කිරීමට ඉන්දීය රජය කටයුතු කළේය.

බ්‍රිතාන්‍ය හිටපු විදේශ ලේකම් ඩොමිනික් රාබ් වෙනුවට පසුගිය සැප්තැම්බර් මාසයේදී මේ තනතුරට පත් වූ ලිස් ට්‍රස් විදෙස් සංචාරයක නිරතවන දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර ඇය අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සංචාරයක නිරත වූවාය.