25.6 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබෙංගාලයේදී බහුපාර්ශ්වික සමුද්‍රීය අභ්‍යාසයක්

බෙංගාලයේදී බහුපාර්ශ්වික සමුද්‍රීය අභ්‍යාසයක්

ජපානය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව සහ ඉන්දියාවේ ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් බහුපාර්ශ්වික සමුද්‍රීය අභ්‍යාසමාලාවක් බෙංගාලයේදී පැවැත්වූ බව වාර්තා වේ. මේ අභ්‍යාසමාලාව පසුගිය 12 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැති අතර, එහි පළමු අදියර පසුගිය අගෝස්තු මාසයේදී පිලිපීනයේ පවත්වා ඇත.

ජපාන සමුද්‍රීය ආරක්ෂක හමුදාව, ඔස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව, අමෙරිකානු නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව ඒකාබද්ධව පැවැත් වූ බහුපාර්ශ්වික සමුද්‍රීය අභ්‍යාසමාලාව කලාපීය ආරක්ෂාව අරමුණු කරමින් සිදු කෙරෙන බව වාර්තා වේ.

මේ අභ්‍යාසමාලාව සඳහා යුද නැව්, යුද ගුවන්යානා සහ සබ්මැරීන් භාවිත කර ඇතැයි ද, අමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන්යානා ප්‍රවාහන නෞකා සහ ප්‍රහාරක නෞකා, ඉන්දියානු නාවික හමුදාවට අයත් දිගු දුර මුහුදු සංචාරක ගුවන්යානා සහ සබ්මැරීන්, ඔස්ට්‍රේලියානු සහ ජපාන යුද නැව් මේ අභ්‍යාසමාලාවට භාවිත කර ඇත.

බෙංගාලයේ සමුද්‍රීය අභ්‍යාසමාලාව වසර 1992දී ඉන්දියාව සහ අමෙරිකාව ඒකාබද්ධව ආරම්භ කර තිබූ අතර, පසුකාලීනව ඊට සෙසු රටවල් එක් වී ඇත