එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් බංග්ලාදේශයට අවවාදයක්
බංග්ලාදේශයේ සුළුතර හින්දු භක්තිකයන්ට එරෙහි ප්‍රහාර එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වගන්තිවලට පටහැණි බැවින් අගමැති ෂෙයික් හසීනාගේ රජය මේ සිද්ධීන් පිළිබඳඅපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට සහතික විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
මේ ප්‍රකාශය නිකුත් කර ඇත්තේ පසුගිය සති අන්තයේ පැවැති හින්දු භක්තිකයන්ගේ දුර්ගා පූජා උත්සවය අතරතුර එල්ල වූ ප්‍රහාරයකින් පසු සිදු වූ ගැටුම් පිළිබඳ අවධානය යොමු කරමිනි.
“මෑතකදී බංග්ලාදේශයේ හින්දු භක්තිකයින්ට එල්ල වූ ප්‍රහාර, සමාජ මාධ්‍ය තුළ වෛරී ප්‍රකාශ හේතුවෙන් සිදුවූවාක් වන අතර, එය බංග්ලාදේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනිය. එබැවින් වහා එය නැවැත්විය යුතුය. සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කර අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට සහතික කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.‘ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.
පසුගිය ඉරිදා රාත්‍රියේ බංග්ලාදේශයේ රංග්පූර් දිස්ත්‍රික්කයේ සිදුවූ මේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එම ප්‍රදේශයේ හින්දු ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, හින්දු භක්තිකයන්ගේ ධීවර ගම්මානයක නිවාස 60කට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා ඇත. මේ ප්‍රහාරය හෙළා දකිමින් අමෙරිකාව ද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.