31.7 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු-විදුහල්පති ගැටලුව දරුවන්ට එරෙහි සටනක් ලෙස අර්ථ ගැන්වීමට ආණ්ඩුව උත්සාහ කරනවා

ගුරු-විදුහල්පති ගැටලුව දරුවන්ට එරෙහි සටනක් ලෙස අර්ථ ගැන්වීමට ආණ්ඩුව උත්සාහ කරනවා

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මෑත කාලයේ වැඩිම ජනතා සහයෝගයක්, ප්‍රසාදයක් ගත් අරගලයක් බවට ගුරු-විදුහල්පති අරගලය පත්ව තිබෙන බවත් ඊට ජනතාවද මැදිහත් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

මේ බව ඒ මහතා සඳහන් කළේ පෙරේදා (19) ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේද කීය.

“පසුගිය කාලය පුරාම ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන් තමන්ගේ සාධාරණ ඉල්ලීමක් වෙනුවෙන් දැවැන්ත අරගලයක් කරගෙන ආවා. ඔවුන්ගේ ඉල්ලීම වී තිබුණේ සුබෝධිනී කමිටු වාර්තාව විසින් නිර්දේශ කරන ලද වැටුප් විෂමතා ඉවත් කර ගැනීමයි. නමුත් ආණ්ඩුව දිගින් දිගටම අනුගමනය කළේ අරගලය නොසලකා හරින හා සටනට අවලාද එල්ල කරන පිළිවෙතකුයි. එය දරුවන්ට එරෙහිව කරන සටනක් ලෙස අර්ථ ගන්වා ගුරුවරුන් හා මව්පියන් අතර ගැටුමක් ඇති කරවීමට ආණ්ඩුව උත්සාහ කළා. ගුරුවරුන්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන බවට මතයක් සමාජයට දෙන්න හැදුවා.

මේ අතර ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති එකතු වී ඉතාමත් වැදගත් තීන්දුවක් ගත්තා. ඒ, ඔවුන්ගේ සාධාරණ සටන අඛණ්ඩව කරගෙන යන අතර දරුවන්ට අධ්‍යාපනය දීමේ අයිතිය තමන් විසින් පවරා ගන්නා බව ප්‍රකාශයට පත් කිරීම. ආණ්ඩුව විසින් තීරණය කළ 21 හා 22 පාසල් නොයෑමටත් ඒ වෙනුවට 25 වැනිදා සිට දරුවන්ට ඉගැන්වීම භාර ගැනීමට ඔවුන් රටට සහතිකයක් දුන්නා. එය ඉතාමත් නිවැරදි තීන්දුවක්. එම තීන්දුව නිසා ආණ්ඩුවේ දුෂ්ට උත්සාහයන් සියල්ල පරාජයට පත් වුණා. ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක කරන්න හදපු විරෝධය අසාර්ථක කරන්න එමගින් හැකිවුණා. ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නායකයන් ඉතාමත් නිවැරදි ලෙස තීන්දුවක් ගත්තා. එම තීරණය පිළිබඳව අපි අපේ ප්‍රසාදය පළ කරනවා. රටේ ජනතාවත් විශේෂයෙන් මව්පියන් මේ ගැන ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ස්තූතිය පළ කළ යුතුව තිබෙනවා. ඔවුන්ගේ දරුවන්ට වඩාත්ම ආදරය කරන්නේ තමන් බව ඔවුන් ඔප්පු කර පෙන්වූවා. ආණ්ඩුව තමන් දරුවන්ට ඉතාමත් ආදරය කරන බව පෙන්වීමට බොරුවට රඟපාමින් සිටියා. ඔවුන් දරුවන්ට ආදරය කළානම් අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කළ යුතුව තිබුණා. පාසල්වල අඩුපාඩුකම් සම්පූර්ණ කළ යුතුව තිබුණා. දරුවන්ට උගන්වන ගුරුවරුන් විසින් ඉල්ලන අවම වැටුප දිය යුතුව තිබුණා. ඒ කිසිවක් නොදී සල්ලි නාස්ති කරමින් සිටින ආණ්ඩුව අද දරුවන් ගැන බොරුවට කිඹුල් කඳුළු හෙළනවා. නමුත් ආණ්ඩුවට වඩා තමන් වගකීම් ඉටු කිරීමට සූදානම් බව ගුරුවරුන් විදුහල්පතිවරුන් දියුණු තීරණයක් ගැනීමෙන් පෙන්වා දුන්නා.”

නුවන් හෙට්ටිආරච්චි