27 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇලන්ට ලෝක කුසලාන සටන අහිමි වෙයි

ඇලන්ට ලෝක කුසලාන සටන අහිමි වෙයි

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක් වීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ෆේබියන් ඇලන්ට අහිමි වෙයි.

කොදෙව් සංචිතයේ අවසන් 15 දෙනා අතරට එක්ව සිටි 26 හැවිරිදි ඇලන් වළලුකර ආබාධයක ලක්වීම හේතුවෙන් මෙලෙස තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අකේල් හොසෙයින් සංචිතයට එක් කිරීමට කොදෙව් තේරීම් කටමිටුව කටයුතු කළ ඇති අතර, ඒ සඳහා අයිසීසී තාක්ෂණික කමිටු අනුමැතිය හිමි වූ බව අයිසීසීය නිවේදනය කළේය.

ෆේබියන් මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට ඉතා උනන්දුවෙන් බලා සිටි බවත් ඔහුට තරගාවලිය අහිමි වීම කනගාටුවට කරුණක් බවත් කොදෙව් තේරීම් කමිටු තේරීම් කමිටු සභාපති රොජර් හාපර් පැවසීය.

ෆේබියවන් වෙනුවට එක් වූ හුසේන් කොදෙව් සංචිතයේ අතිරේක ක්‍රීඩකයකු ලෙස රැඳී සිටි අතර, ඔහු මුල් 15 දෙනා අතරට එක් වීමත් සමඟ අතිරේක ක්‍රීඩකයකු ලෙස ගුදකේෂ් මොටි එක් කර තිබේ.

පසුගිය ජනවාරි මස අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසි 28 හැවිරිදි හුසේන් මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ විස්සයි20 තරග 6කට පමණි. කොදෙව් පිල සුපිරි 12 වටයේදී පළමු කාණ්ඩයෙන් තරග වදින අතර, ඔවුන් පළමු තරගයට එක් වන්නේ 23 වැනිදා එංගලන්තයට එරෙහිවය.