28.9 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු ගැටලුවට ජනපති අගමැති මුදල් ඇමැති මැදිහත් වී විශ්වසනීය විසඳුමක් දුන්නා

ගුරු ගැටලුවට ජනපති අගමැති මුදල් ඇමැති මැදිහත් වී විශ්වසනීය විසඳුමක් දුන්නා

අධ්‍යාපන ඇමැති දිනේෂ්

ගුරුවරුන්ගේ වැටුප් වැඩි වීමට ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැතිවරයා මැදිහත් වී විශ්වසනීය විසඳුමක් ඉදිරිපත් කර ඇති බවද අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

දිවයින පුරා විසිරී සිටින දරුවන් සහ ගුරුවරුන් අද (21) දිනයේ පාසල් වෙත පැමිණීම කිසිවකුටවත් නැවතිය නොහැකි බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාසල් දරුවන්ගේ අනාගතය මව්පියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියේම සතුට බව එහි වැඩිදුරටත් දැක්වේ.

අද (21) සිට අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට නියමිතය.