27 C
Colombo
Friday, February 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපුවත්පත් මණ්ඩල සභාපතිගේ ෆේස්බුක් පිටුවේම ජවිපෙට එරෙහිව මඩ ප්‍රචාර පළවනවා

පුවත්පත් මණ්ඩල සභාපතිගේ ෆේස්බුක් පිටුවේම ජවිපෙට එරෙහිව මඩ ප්‍රචාර පළවනවා

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුුන්නෙත්ති

පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාගේ ෆේස්බුක් පිටුවේම ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුුන්නෙත්ති මහතා පැවසීය. මේ බව ඒ මහතා සඳහන් කළේ ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් ජනතා විමුක්ති පෙරමුණ එල්ල කර ගනිමින් සමාජ මාධ්‍යවල පළකරන ලද අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර අදහස් දක්වමිනි.

එහිදී සුනිල් හඳුන්නෙත්තී මහතා මෙසේද පැවසීය.

“පක්‍ෂයේ නායකත්වය ප්‍රවර්ධනයට රුපියල් කෝටි ගණනක් වියදම් කර ප්‍රචාරක ආයතනයක් ළවා දැන්වීම් සකස් කර සමාජ මාධ්‍යවල සහ යූ ටියුබ් චැනල්වල එම දැන්වීම් පළ කරනවායැයි කියමින් මේ වනවිට ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් එම පැමිණිල්ල කළ බවත් සඳහන් කරන ඒ මහතා එම අසත්‍ය ප්‍රචාරය ගෙනයන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ මඩ බළකාය මගින් බවත් විශේෂයෙන්ම පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ මේ කාරණාව ප්‍රචාරය කර තිබෙන නිසාත් මෙය ආණ්ඩුවේ බංකොලොත්කම පෙන්වන තවත් එක අවස්ථාවක් බවත් පැවසීය.

අපි දන්නවා අද බඩුමිල වැඩි වෙලා, ගොවියන්ට පොහොර ටික නැතිවෙලා, ගුරුවරු මහ පාරට වැටිලා, දරුවන්ගේ අධ්‍යාපනය නැති වෙලා, අපේ රටේ සමස්ත ජනතාවම පීඩාවට පත්වෙලා ඉන්න මෙහොතක්. ආණ්ඩුව දුන් බොරු පොරොන්දු එකක්වත් අද ඉෂ්ට කරගන්න බැරිවෙලා තිබෙනවා. මේ තත්ත්වය නිසා ආණ්ඩුව අද ප්‍රතික්‍ෂේප වෙලා. ජනතාවට ආණ්ඩුව එපා වෙලා තියෙන නිසා එය තේරුම් ගත් බොහෝ පිරිස් අද ජනතා විමුක්ති පෙරමුණ වටා එකතු වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම සමාජමාධ්‍යවල සමාජ ක්‍රියාකාරිකයන්, යූ ටියුබ් චැනල්වල ක්‍රියාකාරිකයන්ට අපි මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන් අපි ගැන නිවැරදිව තේරුම් අරගෙන ඉන්නවා. ආණ්ඩුව හිතනවා ඇති, ආණ්ඩුවේ ප්‍රතිරූපය නංවන්න ඔවුන් රුපියල් කෝටි ගණන් වියදම් කරනවා වගේ අපිත් අපේ පක්‍ෂයේ ප්‍රතිරූපය නංවන්න වියදම් කරනවා ඇති කියලා. ඇත්තටම අපිට එහෙම අවශ්‍යතාවක් නැහැ. අපි හිතනවා මේ මඩ ප්‍රහාරයන් එල්ල කර තිබෙන්නේ අපට නොවෙයි. අද සමාජ මාධ්‍ය ජාලාවල ඇත්ත තේරුම් අරගෙන කටයුතු කරන අය ස්වේච්ඡාවෙන් මැදිහත් වී අනෙත් අයට කරුණු බෙදා හදා දෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ ධනය විතරක් නොවෙයි තමන්ගේ ශ්‍රමය, හැකියාව දෙන්න සූදානම් වෙලා ඉන්නවා.”

 

නුවන් හෙට්ටිආරච්චි