පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න
සුබෝධනී වාර්තාව අනුව කටයුතු කර ගුරුවරුන්ගේ වෘත්තියට සාධාරණය ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
විපක්ෂ නායක කාර්යාලයේ (19) පැවති මාධ්‍ය හමුවේ දී මන්ත්‍රීවරිය මේ බව පැවසුවාය.
එහිදී රෝහිණි කවිරත්න මහත්මිය මෙසේ ද කීවාය.
අද රටේ අධ්‍යාපනය ගැන විශේෂ උද්යෝගයක් ඇති වෙලා. මේ ආණ්ඩුව රටේ ගුරුවරුන්ට වැටුප් විෂමතාවන් තිබෙනවා කියන එක කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම පිළි අරගත්තා. එය කැබිනට් පත්‍රිකාවේ තිබෙනවා. එසේ පිළි අරගත්ත නම් ආණ්ඩුව එය ගෙවිය යුතුයි.යම් කිසි වෘත්තිකයන් පිරිසකට අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ආණ්ඩුව කළ යුත්තේ ඒ අසාධාරණය සම්පූර්ණයෙන්ම නැති කිරීම හෝ අවම කිරීමයි. නමුත් ආණ්ඩුව කළේ සුබෝධනී වැටුප් වාර්තාව අනුව ඉන් තුනෙන් එකක් ගෙවන්න අතුරු කමිටුවකින් ගෙවන්න තීරණය වෙලා. මේ රටේ ගුරුවරු බොහොම නම්‍යශීලීව එය බාර ගන්න කැමැති වුණා. නමුත් ආණ්ඩුව කළේ මෙය එකවර දෙන්නෙ නැතිව අවස්ථා තුනකදී දෙනවා කීවා. එයට කැමති නැහැ කියා ගුරුවරු කිව්වාම ආණ්ඩුව කළේ ගුරුවරු තමන්ට හිමි වැටුප ඉල්ලූ ආණ්ඩුව ඒ අයට දුන්නේ මර්දනය. අපි දකිනවා මේ ආණ්ඩුව කාලෙන් කාලෙට එක එක්කෙනා අතරේ භේද ඇති කරනවා. ස්වාමීන් වහන්සේලා අතර භේද කිරීම් ඇති වෙලා ආනන්තරිය පාප කර්මයක් කරගත්තා සංඝබේදය ඇතිකළා. අද ගුරුවරු – ගුරුවරු අතර බේද ඇති කරලා .ගුරුවරු මව්පියෝ අතර බේද ඇති කරලා. එතනින් නැවතුණේ නැති ආණ්ඩුවේ ඇතැම් හෙංචයියෝ ගුරුවරු සහ දරුවන් අතර භේද ඇති කරලා.
මේ රටේ ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර තිබෙන බැඳීම ආත්මීය බැඳීමක්.අද ඒකටත් අභියෝග කරන්න මේ ආණ්ඩුව ගුරුවරුන්ට එරෙහිව ශිෂ්‍යයන් පෙළ ගස්වා තිබෙනවා.හැබැයි ආණ්ඩුවට කියනවා ලබ්බට තිබ්බ අතම තමයි පුහුලටත් තියන්නේ. හොඳට මතක තියාගන්න ඒක. අද තමන්ට උගන්වපු ගුරුවරුන්ට විරුද්ධව අවි ඔසවන්න අත ඔසවන්න පෙළඹවපු මේ දරුවන්ව හෙට මේවා මෙහෙයවපු දේශපාලනඥයන්ට අවි ඔසවන්න අත ඔසවන්න පෑන ඔසවන්න පසුබට වෙන්නේ නැහැ. එහෙම තිබුණු සදාචාරයක්, සභ්‍යත්වයක් තමයි පටු දේශපාලන වාසි බලාගෙන මේ ආණ්ඩුවේ ඇතැම් අය හැසිරෙන්නේ.
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්