27 C
Colombo
Friday, February 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමේ ආණ්ඩුව වියත්මඟ දාලා උගතුන් විනාශ කළා

මේ ආණ්ඩුව වියත්මඟ දාලා උගතුන් විනාශ කළා

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම

මේ රජය වියත්මඟ දාලා උගතුන් විනාශ කළා.වියත්මඟේ අයට බාරදුන් වගකීම් ඉටුකිරීමට එක් අයෙක් හෝ සමත් නොවී සියලු දෙනා මුල සිට අගට අසමත් වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කළුතර රෝයල් පාම් හෝටලයේ පැවති අපි ශ්‍රී ලංකා ජාතික සන්ධානයේ කළුතර ආසනයේ නියෝජිත හමුවකදී වෙල්ගම මහතා එසේ පැවසීය.

කළුතර ආසනයේ ප්‍රධාන සංවිධායක මහින්ද උඩවත්ත මහතා සංවිධාන කළ මේ හමුවේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය. “ පදවි තානාන්තර ගැන නොසිතා රටේ අනාගතය,තරුණ පරපුරේ අනාගතය ගැන සිතීමේ කාලය දැන් උදාවෙලා.මම තානාන්තර ලොකු කරගත්ත කෙනෙක් නෙමෙයි. ඒ ගැන සිතුවානම් මම අද මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්.තනතුරු වරප්‍රසාද පෙනී පෙනී තියලයි ඒ සියල්ලට පයින් ගහලයි රාජපක්ෂ පාලනයට එරෙහි වෙලා මම ආවේ. මම එදා ගෝඨාභය මහත්තයට රට බාරදෙන්න හදනවිට එයා ප්‍රයෝගික මිනිහෙක් නෙමෙයි කිව්වාම මට බොහෝ දෙනා බැන්නා. දොස් කිව්වා.නමුත් අද ජනතාව කියනවා මම කීව දේ හරි කියලා. අද රට වැටිලා ජනතාවට යන එන මං නැහැ. මේ වගේ ජනාධිපති කෙනෙකුගෙන් රටට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

අද රට දුෂිතයන්ගෙන් පගා කාරයන්ගෙන් පිරිලා.රටේ දේපළ සම්පත් කුණු කොල්ලෙට විකුණනවා.ලොකු කොමිස් ගහනවා.මේ සියල්ල බලා ඉන්න තරුණ පරපුර රට අතහැර යන්න හදනවා. අද රටේ තිබෙන ලොකුම පෝලිම රට යන පෝලිමයි. රට එතැනට තල්ලු වෙලා.

දේශපාලන බඩ ගොස්තර න්‍යාය වෙනුවට,රටක දියුණුවට රටකට අවශ්‍ය වන්නේ අධ්‍යාපන,සෞඛ්‍ය,ප්‍රවාහන,කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක්. මොන කණ්ඩායම ,මොන පක්ෂය බලයට ආවත් ජාතික ප්‍රතිපත්ති අනුව ක්‍රියාත්මක විය යුතු වෙනවා.

රටට නාමික ජනාධිපතිවරයෙක් හිටියාම ඇති. ඒ පාර්ලිමේන්තුවට වග කියන. අපි ශ්‍රී ලංකා ජාතික සන්ධානයේ නායකයා වශයෙන් වමේ සියලු පක්ෂ බලවේග එකතු කර පුළුල් සන්ධානයක් ගොඩනගමින් ඉන්නවා.සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඒ පුළුල් සන්ධානය ගොඩ නැගීමට සජිත් මහතා අවසර දී තිබෙනවා.වමේ සියලු පක්ෂ එකතු වෙලා මේ දුර්ධාන්ත ආණ්ඩුව පරාජය කළ යුතුයි.”

බී. ටී තඹවිට මතුගම සමූහ