26 C
Colombo
Thursday, February 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවනිඳු - පැතුම් ශ්‍රී ලංකාව සුපිරි 12ට ගෙන යති

වනිඳු – පැතුම් ශ්‍රී ලංකාව සුපිරි 12ට ගෙන යති

වනිඳු හසරංග සහ පැතුම් නිශ්ශංක රැස් කළ මංගල අර්ධ ශතක හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ලකුණු 70ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මේ ජය සමඟ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට ද සුදුසුකම් ලැබුවේය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබී පළමු කණ්ඩායම බවටද ශ්‍රී ලංකාව පත් විය.

අඩුබාබියේ සෙයික් සයිඩ් පිටියේ ඊයේ රාත්‍රී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 7ක් දැවී ලකුණු 171ක් රැස් කළ අතර, පිළතුරු ලෙස අයර්ලන්තයට ඕවර 18.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණි. ඇන්ඩෘ බැල්බර්නි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ද අයර්ලන්තය ජයග්‍රහණය කරා ගෙන යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබිණි. මුල් කඩුලු 3 ලකුණු 32කට බිඳ වැටීමෙන් පසු ඇන්ඩෘ සමඟ එක් වූ කර්ටිස් කැම්පර් (24) ලකුණු 53ක සබඳතාවක් පිහිටුවමිනි.

මුළු ලකුණු 85දී කැම්පර් දැවී ගිය අතර, තවත් ලකුණු 16ක් තුළ අවසන් කඩුලු 6 දවා ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

බැල්බර්නි හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් පන්දු 39කින් ලකුණු 41ක් රැස් කළේය. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 3ක් බිඳ දැමූ අතර, ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමට ප්‍රබල තර්ජනයක් එල්ල කළ අයර්ලන්ත පන්දු යවන්නන් මුල් පන්දු 10 තුළ පිතිකරුවන් තිදෙනකු යළි ක්‍රීඩාගාරයට හරවා යැවුවේ ලකුණු 8ක් තුළදීය.

ඉන් අනතුරුව පිතිකරණයේ උසස් වීමක් සමඟින් පිටියට පිවිසි වනිඳු හසරංග ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමඟ එක්ව තරගයේ පීඩනය යළිත් අයර්ලන්තය දෙසට යොමු කළේ සිවුවැනි කඩුල්ලට පන්දු 82කින් ලකුණු 123ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවමිනි.

මුළු ලකුණු 131දී වනිඳු දැවී යන විට පන්දු 47කින් ලකුණු 71ක් රැස් කර තිබිණි. හතරේ පහර 10කින් සහ හයේ පහරකින් ඔහුගේ ඉනිම වර්ණවත් වූ අතර, නිශ්ශංක හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 61ක් රැස් කළේ ද පන්දු 47කිනි.

නායක දසුන් ශානක පන්දු 11කින් වේගවත් ලකුණු 21ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී ජෝෂුවා ලිට්ල් කඩුලු 4ක් සහ මාර්ක් අඩෙයාර් කඩුලු 2ක් දවා ගත්තේය.

මේ කණ්ඩායම් දෙකම පළමු තරගවලට ක්‍රීඩා කළ කණ්ඩායම්ම වෙනසකින් තොරව ඊයේ තරගයටත් එක් කර තිබිණි.

ශ්‍රී ලංකාව – 171/7යි. (ඕවර 20) වනිඳු හසරංග 71, පැතුම් නිශ්ශංක 61 (ජෝෂුවා ලිට්ල් 23/4, මාර්ක් අඩෙයාර් 35/2)

අයර්ලන්තය – (ඕවර ) ඇන්ඩෘ බැල්බර්නි 41, කර්ටිස් කැම්පර් 24 (මහීෂ් තීක්ෂණ 17/3, ළහිරු කුමාර 22/2, චාමික කරුණාරත්න 27/2)