ගතානුගතික විපක්ෂයේ භූමිකාව වෙනුවට සමඟි ජන බලවේගය නූතනවාදි, ජනහිතකාමි විපක්ෂයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉතිහාසයේ කිසිදාක විපක්ෂයක් ප්‍රායෝගික සුබසාධන සහ මහජන සේවය නොකළ බව පැවසූ විපක්ෂ නායකවරයා, සමඟි ජන බලවේගය එම සම්ප්‍රදාය වෙනස් කළ බව පැවසීය.
වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටියදී උද්ඝෝෂණ, වර්ජන කරනවා හැර එක මහජන සේවාවක් කළා දැයි තමන් ප්‍රශ්න කරන බව පැවසූ විපක්ෂ නායකවරයා සමඟි ජන බලවේගය එවන් අවස්ථාවාදි දේශපාලනයක් නොකරන බව පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ගමින් ගම දොරින් දොර ජන ගැටලු විමසන සත්කාරය විපක්ෂ නායක ජංගම සේවා වැඩසටහනේදී බුත්තල, වගුරුවෙල ශ්‍රී පෝයමළු රජමහ විහාරාධිකාරි ගෞරව ශාස්ත්‍රවේදි පණ්ඩිත ඔක්කම්පිටියේ ඤාණානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව විසින් කරනු ලැබූ ඉල්ලීම ප්‍රකාරව ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය දීමේ අපේක්ෂාව පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රමුඛ මැදිහත්වීමෙන් නවලෝක සමූහ ව්‍යාපාරයේ මූල්‍ය පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 28ක් වටිනා ප්‍රති ආශ්‍රිත ජල පෙරනයක් විපක්ෂ නායකවරයාගේ සුරතින් පසුගියදා (19) ජනතා අයිතියට පත් කරනු ලැබීය.
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්