31.7 C
Colombo
Tuesday, July 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙට දකින්න හෙට හදන්න ලෑස්ති නම් එජාපයට එන්න

හෙට දකින්න හෙට හදන්න ලෑස්ති නම් එජාපයට එන්න

රනිල් තරුණයන්ට කියයි

හෙට දකින්න, හෙට හදන්න සූදානම් නම් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වන ලෙස තමා තරුණයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (20) හවස පැවති එක්සත් ජාතික

පක්ෂයේ ප්‍රථම නායක ඩී. එස්. සේනානායක මහතාගේ ඡන්ම දින සැමරුම සහ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේදීය. එහිදී පක්ෂයේ ඩිජිටල් පක්ෂ සාමාජිකත්ව කාඩ්පත් සහ ඒ සඳහා වන මෘදුකාංගය එළි දැක්වීමද සිදු කෙරිණි.

එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අද බලාපොරොත්තු නැති, අනාගතයක් නැති රටක් බවට පත් වෙලා. හෙට දකින්නේ හෙට හදන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. අප ඒ සඳහා තරුණයන්ට අවස්ථාව ලබා දෙනවා. රට ප්‍රතිපත්ති දේශපාලනයට යා යුතුයි. පක්ෂ මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන යකඩ රාමුවකින් සමන්විත එකම ප්‍රතිපත්තියක අවුරුදු විස්සක් යා යුතුයි. සෞඛ්‍ය, ආර්ථිකය, අධ්‍යාපනය සහ පරිසරය ආරක්ෂා කරමින් එම ප්‍රතිපත්ති රාමුව සකස් කළ යුතුයි. මේ හතරවරම් ආරක්ෂාව සමඟ ඉදිරියට ගියහොත් නිදහස ලබා අවුරුදු සියයක් යන්න කලින් අපට දියුණු රටක් බවට පත් විය හැකියි. තව අවුරුදු විස්සකින් දියුණු රටක් බවට පත් වෙනවාද යන්න අප තීරණය කළ යුතුයි. හෙට දකින්න හෙට හදන්න සූදානම් නම් ඒ සඳහා සූදානම්ව සිටින එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වන ලෙස අප තරුණයන්ගෙන් ඉල්ලනවා. තරුණයන්ට අප නායකත්වයට අවස්ථාව දෙනවා. අපේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට අලුතින් තරුණයන් තුන් දෙනකු එක් කර ගෙන තිබෙනවා.

ඔන්ලයින් ක්‍රමයට සාමාජිකයන් බඳවා ගැනීම වෙනුවෙන් ඩිජිටල් සාමාජික කාඩ් පත් නිකුත් කළ පළමු පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට අද පත් වුණා. හෙට දකින හෙට හදන එකම පක්ෂය වශයෙන් අප ඩිජිටල් ක්‍රමයට අවතීර්ණ වුණා. අප පක්ෂයේ පළමු නායකයා වූ ඩී. එස්. සේනානායක මහතාද හෙට දකින හෙට හදන සංකල්පය අනුව කටයුතු කළා.

ශිරෝමි අබයසිංහ