27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොවිඩ් වසංගතය 2022ත් ගිල ගනී

කොවිඩ් වසංගතය 2022ත් ගිල ගනී

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනාවැකියක්

කොවිඩ් වසංගතය අනවශ්‍ය තරම් කාලයක් ඉදිරියට ඇදෙන බවත්, එය 2022 වසරේ දී ද අවසන් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මේ නිසා එළැඹෙන වර්ෂයේ දී කොවිඩ් වසංගතය දැඩි ලෙස ව්‍යාප්ත වනු ඇතැයි එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ නායකයකු වන වෛද්‍ය බෘස් අයිල්වාඩ් ප්‍රකාශ කර ඇත.

අප්‍රිකාවේ ජනගහනයෙන් සියයට 5ක් පමණක් එන්නත කර ඇති අතර, සෙසු මහාද්විපවල තත්ත්වය සමඟ සසඳන විට එය සියයට 40ක් තරම් ඉහළ මට්ටමක පවතියි. අවශ්‍යතා ඇති රටවල්වලට සඳහා බ්‍රිතාන්‍යය කොවිඩ් එන්නත් මිලියන 10ක් මේ වනවිට බෙදා හැර තිබේ. තවත් මිලියන 100ක් ලබා දීමට එරට පොරොන්දු වී ඇත. එහෙත් ලබන වසරේදී ද ලෝක ප්‍රජාවට කොවිඩ් වසංගතය සමඟ ජීවත් වීමට සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වී තිබේ.