32 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවැටුණු රට නැඟිට්ටවන්න රනිල්ට රට භාර දෙන්න

වැටුණු රට නැඟිට්ටවන්න රනිල්ට රට භාර දෙන්න

Author(s): 
ශිරෝමි අබයසිංහ

කඩා වැටී තිබෙන මේ රට යළි ගොඩගෙන ජනතාවට සුවසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරදීමට බය නැතිව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට රට බාරදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල ඉඳුරන්නාවිලදී පෙරේදා (20) පැවැති මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ 137 වැනි ගුණසමරු උත්සවයට එක් වෙමිනි. වජිර අබේවර්ධන මහතා එහිදී මෙසේද පැවසීය. 2015 රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට බාරගන්නා විට රටේ ආර්ථිකය මුලුමනින්ම කඩා වැටී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මේ රට පිරිහීමකට ලක්ව අර්බුධ ගණනාවකට මුහුණ පා තිබුණා. 2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කළා. ඩීසල්, පෙට්ට්‍රල්, භූමිතෙල්, ගෑස් ඇතුළු තවත් භාණ්ඩ රැසක මිල ගණන් අඩු කළා. රාජ්‍ය සේවක වැටුප් ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් 10,000කින් වැඩි කළා. 2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව අගහිඟකම් මධ්‍යයේ වූවද ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත්තා. එදා රුපියල් 13,000ක් වූ ගුරුවරයෙක්ගේ මූලික වැටුප රුපියල් 28,000 දක්වා වැඩි කරමින් එය විශ්‍රාම වැටුපට එකතු කළා. මේ හැමදෙයක්ම කරමින් රට සංවර්ධනය කරා ගෙන ගියා. මෙම කටයුතු සියල්ල ඉදිරියට ගෙනයාමට හැකිවුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නිසි දර්ශනයක්, නිසි වැඩපිළිවෙළක්, නිසි කළමණාකාරීත්වයක් ඇතිව රට මෙහෙයවපු නිසායි.