30 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසුපිරි 12 වටයට දස්කම් මුවහත් කිරීමට ශ්‍රී ලංකාව අද නෙදර්ලන්තය සමඟ සටනේ

සුපිරි 12 වටයට දස්කම් මුවහත් කිරීමට ශ්‍රී ලංකාව අද නෙදර්ලන්තය සමඟ සටනේ

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් සුපිරි 12 ට එක් වූ පළමු කණ්ඩායම බවට පත්වෙමින් පෙරේදා අයර්ලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල අද (22) නෙදර්ලන්ත කණ්ඩායම සමඟ තරග බිමට එක් වෙයි. එය මූලික වටයේ අවසන් තරගය වන අතර, සුපිරි 12 වටයේ තරග හෙට (23) ආරම්භ වනු ඇත.

පැවැති තරග 2කින්ම පරාජයට පත්ව ‘ඒ‘ කාණ්ඩයේ අවසන් තැනට පත්වී සිටින නෙදර්ලන්තයට දැනටමත් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වී සිටින බැවින් අද තරගය දෙපිලටම තීරණාත්මක නොවේ. එහෙත් සුපිරි 12 වටයට යෑමට පෙර සිය දස්කම් මුවහත් කර ගැනීමට අද තරගය ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට අවස්ථාව උදා කර දී ඇත. අනිත් අතට තරගාවලියෙන් ඉවත් වූවත් එක් ජයග්‍රහණයක් හෝ අත්කර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටින නෙදර්ලන්තය අද තරගයේදී සිය උපරිම දස්කම් දැක්වීමට උත්සාහ කරනු ඇත.

විචාරකයන්ගේ අදහස අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ පන්දු යැවීම අතින් ඉහළින් සිටින කණ්ඩායම් 5 අතරට ශ්‍රී ලංකාවත් ඇතුළත්ය. පිතිකරුවන්ට පීඩනයකින් තොරව පිතිහරඹයේ නිරතවීමට කදිම පසුබිමක් නිර්මාණය කිරීමට සමත් පන්දු යවන්නන් රැසක්ම ශ්‍රී ලංකා පිලේ සිටිති.

ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාව ඉහළ මට්ටමටක පැමිණ ඇත්තේ හිටපු නායක මහේල ජයවර්ධන උපදේශකයකු ලෙස කණ්ඩායමට එක්වීමෙන් පසු බව පෙරේදා තරගයෙන් පසු මහීෂ තීක්ෂණ මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේය.

ක්‍රීඩකයන්ගේ තාක්ෂණයට වඩා මානසික ඒකාග්‍රතව ඉහළ දැමීමට මහේල ජයවර්ධන අවධානය යොමුකර ඇති බවත්, එය මේ වන විට ජයග්‍රහණයේ සාධකයක් බවට පත්වී ඇති බවත් තීක්ෂණ කීවේය.