25.6 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑලිසබෙත් රැජන විවේක ගනියි

එලිසබෙත් රැජන විවේක ගනියි

මූලික වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම සඳහා පසුගිය බදාදා රාත්‍රියේදී රෝහල්ගත වූ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජන රැයක් පුරා රෝහල්ගතව සිට යළි වින්ඩ්සර් මාළිගාවට පැමිණියද, ඇය විවේක ගත යුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයි වාර්තා වේ.

දීර්ඝතම කාලයක් ඔටුන්නට හිමිකම් කියන එලිසබෙත් මහ රැජන ඔටුන්න දරා සිටින ලොව වයස්ගතම පුද්ගලයා වන අතර, මේ වන විට 95 හැවිරිදි වියෙහි පසුවන්නීය. ඇය පෙරේදා උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතව සිටිය ද එම ගමන අවලංගු කර දැමීමට සිදු වී තිබිණි. කාර්ය බහුල දිවි පෙවෙතක් ගත කරන එලිසබෙත් රැජන විවේක සුවයෙන් පසු විය යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇතැයි වාර්තා වේ.