30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතෙල් මිලට ගන්න ඕමානයෙන් ඩොලර් කෝටි 360ක් කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමැති...

තෙල් මිලට ගන්න ඕමානයෙන් ඩොලර් කෝටි 360ක් කැබිනට් අනුමැතිය ලැබුණු බව ඇමැති ගම්මන්පිල කියයි

ඉන්ධන මිල දී ගැනීම සඳහා ඕමාන් රජයෙන් ඩොලර් කෝටි 360ක ( ඩොලර් මිලියන 3600) ණයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව ඊට අදාළ ගිවිසුම් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දිනමිණට ඊයේ (21) පැවසීය.

වෙළෙඳ පොලේ 85%කට තෙල් සිල්ලර අලෙවිකරු වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු සූදානමක නොමැති බව ද ඇමැතිවරයා කීවේය.

තෙල් හිඟයක් නැති බව කියා මේ දිනවල තමන් වෙහෙසට පත් වී සිටින බව කී ගම්මන්පිල මහතා, මේ මාසය තුළ ඉන්ධන ආනයනයට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය ලබා දීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙන බව ද කීවේය.

ඕමාන් රජයෙන් ඩොලර් මිලියන 3600ක ණය මුදලට අමතරව ඉන්දියාව සමඟ ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සූදානම් කර ගෙන එය භාණ්ඩාගාරයේ අනුමැතියට යවා ඇතැයි ද පැවසීය. මේ ණය පහසුකම් මඟින් ඉන්ධන ලබා ගත හැකි බවද හෙතෙම පැවසුවේය.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

මේ වන විට අප විකුණන ඩීසල් ලීටරයකින් රු 38කුත් කුත් පෙට්‍රල් ලීටරයකින් රු 22කුත් පාඩු ලබනවා. අයි ඕ සී සමාගම රුපියල් පහ බැගින් ප්‍රෙටල් හා ඩීසල් ලීටරයක මිල ඉහළ දමා තිබෙනවා.

ඒ නිසාදෝ තෙල් මිල ඉහළ යාවි යැයි බලාපොරොත්තුවෙන් ජනතාව පෝලිමේ තමන්ගේ වාහනවලට ඉන්ධන ගත හැකි උපරිමය ගන්න බවට අපිට තොරතුරු ලැබී තිබෙනවා. නමුත් වෙළෙඳ පොලේ 85%කට වග කියන තෙල් සිල්ලර අලෙවිකරු ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු සූදානමක නොමැති බව මහජනතාවට සිහිපත් කරනවා.

ශ්‍රී ලංකාවේ තෙල් හිඟයක් ඇතිවෙන බවට විපක්ෂය සහ විපක්ෂය විසින් නටවන වෘත්තීය සමිති මේ වන විට අවස්ථා පහකදී රට නොමඟ යවා තිබෙනවා. තෙල් හිඟයක් නෑ කියන එක කියලා මට ඇත්තටම මේ දවස්වල. ඒ තරමට වරින් වර මාධ්‍ය හමුවේ තෙල් හිඟයක් නැති බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ තෙල් හිඟයක් ඇති වෙන්න කිසිම හේතුවකුත් නෑ. අපි අඛණ්ඩ තෙල් සැපයුමක් සහතික කර තිබෙන්නේ. ශ්‍රී ලංකාව දැන් මුහුණ පපා තිබෙන විදේශ විනිමය අර්බූදයේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛතම අවස්ථාව දුන්නේ ඖෂධ ආනයනයට. දෙක අත්‍යවශ්‍ය ආහාර ආනයනයට. තුන්වැනි ප්‍රමුඛතාව ලැබුණේ ඉන්ධන ආනයනයට. ඒ නිසා මෙරට තුළ තෙල් හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නෑ. එපමණක් නෙවෙයි මේ වන විටත් අප ඉන්දියාව සමඟ ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් සූදානම් කර ගෙන එය භාණ්ඩාගාරයේ අනුමැතියට යවා තිබෙනවා. ඉන්පසු එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරාවි. ඒ වගේම ඩොලර් මිලියන 3600ක ණයක් ඕමාන් රාජ්‍යයෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලැබිලා මේ දිනවල ගිවිසුම් සකස් කරමින් පවතිනවා.

ඒ වගේම ලෝකයේ බලවත් රටවල් ගණනාවක මේ මොහොතේ ඉන්ධන හිඟයකට මුහුණ පා සිටින අවස්ථාවේ ශ්‍රී ලංකාව පමණක් මෙසේ බේරී සිටින්නේ කෙසේදැයි විපක්ෂයට ප්‍රහේලිකාවක් තමයි.

ක්‍රිසන්ති විතාරණ