27.2 C
Colombo
Monday, February 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාම වැටුප් විසමතා ගැටලුව ගැන රජය කිසිදු තැකීමක් නැහැ

විශ්‍රාම වැටුප් විසමතා ගැටලුව ගැන රජය කිසිදු තැකීමක් නැහැ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විසමතා ගැටලුව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පූර්ණ නිර්වින්දන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

විශ්‍රාමිකයන්ගේ වැටුප් විසමතා ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ගැනීම වෙනුවෙන් මහ මඟ විරෝධතාවන් කිරීමට හා අධිකරණයේ පිහිට පැතීමට විශ්‍රාමිකයන්ට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එමෙන්ම ආණ්ඩුවේ අසමත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් රටේ ජනතාව පීඩාවට පත්ව ඇති අතර සංවර්ධන ක්‍රියාවලිය වෙනුවට ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ විපත් සංවර්ධනයක් බවත් හෙතෙම පැවසීය. මෙරට සමස්ත ජනතාවම දුප්පතුන් බවට පත්කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේදැයි විපක්ෂනායකවරයා විමසා සිටියේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට‍ පිළිතුරු දෙමිනි. එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සියලු භාණ්ඩවල මිල වැඩිවී ඇති මොහොතක රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන් මෙන්ම සමස්ත ජනතාවම දැඩි පීඩනයකට පත්ව ඇති බවයි.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න