27.5 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජබ විරෝධතාවෙන් මැති සබය උණුසුම් වෙයි

සජබ විරෝධතාවෙන් මැති සබය උණුසුම් වෙයි

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඊයේ (22) පාර්ලිමේන්තු සභා ගර්භයේදී විරෝධතා පුවරු රැගෙන විරෝධතාවක නිරත වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වාතාවරණයක් නිර්මාණය විය.

පාර්ලිමේන්තුවේ දිනට නියමිත කටයුතු අවසන් වීමෙන් පසුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් (කෝප්) කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තා පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය ආරම්භ කිරිම සඳහා කමිටු‍වේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නැගී සිටින අතර තුරදීම විපක්ෂයේ මන්ත්‍රීවරු මෙලෙස විරෝධතාව ආරම්භ කළහ. විරෝධතාවය ආරම්භ කිරීමට පෙර නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය වසර දහයක් තුළ ක්‍රියාත්මක කරන බවට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන ක්‍රමවේදයට පටහැනි ලෙස එක් රැයෙන් කාබනික පොහොර ප්‍රචලිත කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවයි. එම ප්‍රකාශයත් සමඟ නැගී සිටි සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු විවිධ ස‍ටන්පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයක නිරත වන්නට වූහ. පොහොර ගැටලුව වහාම විසඳන ලෙස ආණ්ඩුවට බල කරමින් විරෝධතාවයේ නිරත වූ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු “දියව් දියව් පොහොර දියව්, ගොවියා හමාරයි, ගොවියා වැනසූ ආණ්ඩුව, ආදි විවිධ සටන් පාඨ ප්‍රදර්ශනය කරන ආකාරය දක්නට ලැබිණි. සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරු මෙලෙස විරෝධතාවයේ නිරත වූවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ දැනුම් දීම මත පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විවාදය ආ‍රම්භ කළේය. විවාදය ආරම්භ වීමෙන් පසුවද කෙටි වේලාවක් එම මන්ත්‍රී කණ්ඩායම විරෝධතාවයෙහි නිරත විය. සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කළ විරෝධතාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු අදහස් දැක්වූ අතර ඔවුන් කියා සිටියේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කෝප් කමිටු වාර්තා පිළිබඳ විවාදය කිරීම වෙනුවට පාර්ලිමේන්තුව කල් තැබීමට අසාර්ථක උත්සාහයක නිරත වූ බවයි. .

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න