27 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅධිවේගයේ පෙරගෙවුම් කාඩ් ක්‍රමය ප්‍රචලිත කිරීමෙන් පිටවීමේ දොරටු අසල මාර්ග තදබදය අවම...

අධිවේගයේ පෙරගෙවුම් කාඩ් ක්‍රමය ප්‍රචලිත කිරීමෙන් පිටවීමේ දොරටු අසල මාර්ග තදබදය අවම කර ගත හැකියි

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු

අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම සඳහා භාවිත කරන පෙරගෙවුම් කාඩ් පත් වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානවලින් (Vehicle Emission Test Centre) නිකුත් කිරීමට හැකියාව තිබේදැයි සොයා බලන ලෙස මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් ලබා දුන්නේය.

මේ වන විට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිත කරන බැවින් ETC පෙරගෙවුම් කාඩ් පත් දැනට නිකුත් කරනු ලබන්නේ සීදූව, ජා ඇළ සහ කැලණිය තොරණ හංදියේ පිහිටි අධිවේගී මාර්ග කාර්යාල වලින් පමණි. ඉදිරියේ දී කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේගී මාර්ගවල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලද විද්යුත් මුදල් ගෙවීමේ ක්‍රමය (ETC) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බැවින් ජනතාවට පහසුවෙන් පෙරගෙවුම් කාඩ් පත් ලබා ගැනීමට වාහන වායු විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථාන වලින් හැකියාව ලැබෙන බව අමාත්‍යවරයාගේ අදහසයි.

දෛනිකව අධිවේගී මාර්ග භාවිත කරන්නන් අතර මුදල් ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ETC පෙරගෙවුම් කාඩ් පත් ක්‍රමය ප්‍රචලිත කිරීම මඟින් අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල පවතින මාර්ග තදබදය අවම කර ගත හැකි බව ඇමැතිවරයා අවධාරණය කරයි.

එමෙන්ම දැනට ETC ගිණුමට මුදල් බැර කළ හැක්කේ ලංකා බැංකුව, සම්පත් බැංකුව සහ කොමර්ෂල් බැංකුව පමණි. නමුත් ඉදිරියේදී සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මඟින්ද ETC ගිණුමට මුදල් බැර කිරිමට අවශ්‍ය කටයුතු සලසා ජනතාවට කඩිනම් සේවයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

ක්‍රිසන්ති විතාරණ