25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකාබනික පොහොර නිෂ්පාදනය අවුල් ජාලාවක් බවට පත් වුණා

කාබනික පොහොර නිෂ්පාදනය අවුල් ජාලාවක් බවට පත් වුණා

අනුර කුමාර දිසානායක

ජනාධිපතිවරයා බලය ගත්තේ වෙනසක් සඳහා යැයි පවසමින් රට විනාශ කරන තීරණ ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (23) ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කිවේය.

“යහපත සඳහා වෙනස්කම් කළ හැකියි. ඒ වගේම විනාශයක් සඳහා වෙනසක් කළ හැකියි. ජනාධිපතිවරයා කරමින් තිබෙන වෙනස විනාශකාරිත්වයක් සඳහායි. එහි විශාලතම බලපෑම විනාශකාරීම ප්‍රවේශය අත්පත් වෙලා තිබෙන්නේ කෘෂිකර්මාන්තයට, ගොවි ජනතාවට සහ රටේ ආහාර සුරක්ෂිතභාවයටයි. පහුගිය අප්‍රේල් 28වෙනිදා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළා රසායනික යෙදවුම් නතර කරන්න. මැයි මාසයේ 06 වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කළත් කිසිදු වැඩපිළිවෙළක් සැලැස්මක් ඇතිවිය හැකි විනාශය ගැන කිසිදු සොයාබැලීමක් නොකර තමයි මේ තීන්දු ගත්තේ. ඒ නිසා ගොවියෝ ගොවිතැන අත්හැරදමලා. පහුගිය දිනවල ගොවි ජනපදවල කන්න රැස්වීම් කළහකාරී තත්වයන් ඇති වුණා. ගොවියෝ දහස් ගණනක් මේ ප්‍රශ්නය කේන්ද්‍රකරගෙන උද්ඝෝෂණ කරමින් ඉන්නවා.

ආණ්ඩුව මේ තීරණය ගන්නකොට කිව්වේ රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළ නිෂ්පාදනය කරනවා කියලයි. මැයි මාසයේ තීරණය කරලා ඔක්තෝබර් වන විට 100%ක් කාබනික වගාවන් සඳහා පොහොර දෙනවා කියන්නේම අසාර්ථක උත්සහයක්. මොකද රසායනික යෙදවුම්වල සිට කාබනික යෙදවුම් දක්වා වෙනස් වීමේදී සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එය එක කන්නයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි නිතරම කිව්වා. ඒ අතර රට තුළ කාබනික පොහොර නිෂ්පාදනය මුළුමනින්ම අවුල් ජාලාවක් බවට පත්වුණා. මිලදී ගත් කාබනික පොහොරවල අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු නැති බවත් ගල්කැට, පස් අඩංගු බවත් ගොවියෝ මැසිවිලි නඟනවා.

ඉන්පසුව ආණ්ඩුව තීරණය කළා කාබනික පොහොර ආනයනය කරන්න. රටට කාබනික පොහොර ආනයනය කිරීම තුළින් විනාශකාරී ප්‍රතිඵල අත්කර දිය හැකි බව ඒ ක්ෂේත්‍රයේ බොහෝ විද්වතුන් පෙන්වා දුන්නා. එහෙත් ආණ්ඩුව සියල්ල වෙනස් කර ප්‍රමිති ආයතනයට කාබනික පොහොර ආනයනය සඳහා ප්‍රමිතියක් සකස් කරන ලෙස උපදෙස් දුන්නා. ඒ අනුව තමයි පසුගියදා මෙ.ටො. 96,000ක් ආනයනය කිරීම සඳහා චීනයේ කින්ඩාවෝ සමාගමට ඇණවුමක් බාරදුන්නේ.

අපේ රට දූපතක්. ඒ නිසා අපේ රටට ආක්‍රමණකාරී ශාඛ සහ සතුන් ඇතුල්වීම වළක්වා ගත යුතුයි. ඒ වෙනුවෙන් 1999 සංශෝධනය කරන ලද ශාඛ නිරෝධායන පනත තිබෙනවා. ශාඛ නිරෝධායන ආයතන මඟින් චීනයෙන් ගෙන්වීමට තිබූ කාබනික පොහොර තොගයේ ඉතාම අහිතකර ක්ෂද්‍ර ජීවීන් සිටින බැවින් ආනයනය නතර කළා.”

නුවන් හෙට්ටිආරච්චි