33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගුරුවරුන්ට හා සිසුන්ට පාසල් යන්න සිසු සැරිය ධාවනයේ යොදවනවා

ගුරුවරුන්ට හා සිසුන්ට පාසල් යන්න සිසු සැරිය ධාවනයේ යොදවනවා

ඇමැති දිලුම් අමුණුගම

පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වුවත් පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට පළාත් සීමා පසුකර පාසල් කරා පැමිණීමටත් යළි නිවෙස් කරා යාමටත් සිසු සැරිය බස් රථ කිසිදු අඩුවකින් තොරව ධාවනයේ යොදවන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ බස් රථවල සිසුන් හා ගුරුවරුන් හැර වෙනත් කිසිදු අයකුට ගමන් කළ නොහැකි යැයිද ඒ මහතා කීය.

මහනුවරදී පෙරේදා (23) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කර අවශ්‍යතාව මත සීමාවකින් තොරව සිසුසැරිය බස් රථ ධාවනයේ යොදවන ලෙස ලංගමට සහ පළාත් ප්‍රවාහන අධිකාරිවරුන්ට උපදෙස් ලබාදී තිබෙන බවත් ලංගම බස් රථ සඳහා රජයෙන්ද පෞද්ගලික බස් රථ සඳහා ජාතික ගමනා ගමන කොමිෂමෙන්ද මුදල් ගෙවීම් කරන බවත් හෙතෙම කීය.

පළාත් තුළ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය සීමාවන්ට යටත්ව අද (25) සිට ආරම්භ කරන බවත් මේවාහි ගමන් කළ හැකි වන්නේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබාගත් අයට පමණක් බවත් කී ඒ මහතා විශේෂයෙන් බස්නාහිර පළාත තුළ රාජකාරී සඳහා යන පිරිස ඉලක්ක කර මෙය ක්‍රියාවට නන්වා තිබෙන බවද අවධාරණය කළේය.

මේ දුම්රියවල 50 % ක සීමාවට යටත්ව වාර ප්‍රවේශ පත්‍ර ඇති මඟින් පමණක් ප්‍රවාහනය කළ යුතු බවත් කිසිදු දුම්රිය ස්ථානයකින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් නොකරන බවත් ඒ මහතා කීය.

අදාළ සීමා කඩ වීමක් සිදුවන්නේද යන්න සම්බන්ධව දැඩිව සොයා බලන ලෙස දුම්රිය ආරක්ෂක අංශයට දැනුම් දී ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කොවිඩ් කමිටුව මඟින් මේ මස 31 දින පළාත් සංචරණ සීමා ඉවත් කරන බව දැනුම් දී තිබෙන බැවින් නොවැම්බර් මස 01 සිට අන්තර් පළාත් දුම්රිය හා බස් රථ ධාවනය ආරම්භ කළ හැකි බවද අමුණුගම මහතා කීය.

ඒ අනුව ආසන ගත සීමාවට යටත්ව සුපුරුදු කාල සටහන් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට, ලංගමට හා පෞද්ගලික බස් රථවලට හැකි බවත් අඛන්ඩව එය ක්‍රියාත්මක කිරීමට හැකිවේද නැද්ද යන්න තීරණය වන්නේ ප්‍රවාහනයේදී අදාළ අංශ සෞඛ්‍ය නිර්දේශ වලට ලබාදෙන ප්‍රමුඛතාව මත බැවින් සියලු දෙනා ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම වැදගත් බවත් ඒ මහතා පැවසුවේය.

ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා ලෙස තමන් සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්නේ ඉන්ධන මිල වැඩි නොවේවා යනුවෙන් බවත් යම් හෙයකින් ඉන්ධන මිල වැඩි වුවහොත් බස් ගාස්තු සම්බන්ධව ප්‍රශ්නයක් මතු වෙන බවත් කී අමුණුගම මහතා පසුගිය වතාවේ ඉන්ධන මිල වැඩි අවස්ථාවේ බස් හිමියන් ගාස්තු වැඩි වීමක් ඉල්ලා සිටි නමුත් නොදුන් බවද අවධාරණය කළේය.

 

අසේල කුරුළුවංශ