රට පුරා ගොවිබිම්වලට ගොස් ගොවීන් සමඟ එක්ව රසායනික පොහොර තහනමට විරෝධය දැක්වීමේ වැඩපිළිවෙළක් සමඟි ජන බලවේගය විසින් ආරම්භ කර තිබේ.
රටපුරා ගොවිබිම්වලට ගොස් ගොවීන් හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති අතර එහි පළමු පියවර ලෙස ඉකුත් දින ගණනාවක ම රටේ විවිධ ප්‍රදේශවලට ගොස් ගොවීන් හමුවීමට විපක්ෂනායකවරයා පියවර ගනු ලැබීය.
රසායනික පොහොර තහනමට විරෝධය දැක්වීමට සමගාමීව බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ.
මැද කොළඹ සමූහ – ආරියරත්න ගනේගොඩ