කොවිඩ් වසංගතයෙන් අඩපණ වූ දේශීය රග්බි ක්‍රීඩාව යළි ඉහළට ඔසවා තැබීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධාන කරන ‘වොරියර්ස්’ කුසලාන අන්තර් සමාජ ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියට අනුග්‍රාහකත්වය සැපයීමට ඩයලොග් ආසියාටා සමාගම ඉදිරිපත් වී සිටී. මේ මස 30 සහ 31 දෙදින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ කොවිඩ් මාර්ගෝපදේශ පැවැත්වෙන මේ තරගාවලිය ක්‍රීඩාලෝලීන්ගෙන් තොරව පැවැත් වූවද, සජීව තරග විකාශය සුප්‍රීම් ටී.වී. ඔස්සේ නැරඹීමට අවස්ථාව උදා වනු ඇත. අනුග්‍රාහකත්වය ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යධිකාරී (සන්නාම සහ මාධ්‍ය) හර්ෂ සමරනායක මහතා එම තරගාවලියේ මෙහෙයුම් කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වෙත වොරියර්ස් කුසලාන රග්බි තරගාවලියේ අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව. සංවිධායක කමිටු සාමාජික වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ, සංවිධායක කමිටුවේ ලේකම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිසාම් ජමාල්ඩීන්, භාණ්ඩාගාරික උදානී එදිරිසිංහ, මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් වන ගෘප් කපිතාන් සුභාෂ් ජයතිලක සහ රියර් අද්මිරාල් සජිත් ගමගේ, යුද හමුදා රග්බි කමිටුවේ ලුතිනන් කර්නල් සමන්ත සමරසිංහ, සංවිධායක කමිටුවේ සාමාජික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අබේකෝන් සහ ඩයලොග් ආසියාටා සමාගමේ ක්‍රීඩා අලෙවිකරණ කළමනාකරු බාලකුමාර් රාමසාමි මහත්වරු ද මෙහි වෙති.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

වොරියර්ස් රග්බි තරගාවලියට ඩයලොග් අනුග්‍රාහකත්වය
Previous article
Next article