ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති
ඩොලර් සංචිත හිඳෙමින් තිබියදී ඉතිරිව තිබෙන ඩොලර් සංචිත ද හොරකම් කරන මට්ටමට මේ ආණ්ඩුව පත්ව තිබෙන බවත්, ඒසේ වංචාවක් සිදු වී ඇති බවට වාර්තා කරන මාධ්‍යවේදීන්ගෙන් ආණ්ඩුව ප්‍රශ්න කරන බවත් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ, පෙරේදා (24) ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
“මේ වන විටත් ගොවි ජනතාව පොහොර නොමැතිව විශාල පීඩාවක ඉන්නවා. ඒ අතර නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම විශාල කතා බහකට ලක්ව තිබෙනවා. ආණ්ඩුව පොහොර අර්බුදයට විවිධ තීන්දු ගත්තා. එක වෙලාවක කාබනික පොහොර කියලා රසායනික පොහොර ගෙනාවා. කාබනික පොහොර ලෙසම චීනයෙන් ගෙන්වූ පොහොර තොගයේ ප්‍රමිතියේ ප්‍රශ්න නිසා හරවලා යැව්වා. ඒ පොහොරම නැවත වරායට ඇවිල්ලා නතර වෙලා තිබෙනවා. ඒ අතර ඉන්දියාවෙන් පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදු වෙලා ඇති බවට වාර්තා වෙනවා. එම වංචාව සම්බන්ධයෙන් ලියපු මාධ්‍යවේදීන් සී.අයි.ඩී. එකට කැඳවලා තිබෙනවා.
“අංශු මාත්‍ර ශාක පෝෂක නිෂ්පාදක සැපයුම යටතේ පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබෙනවා. එය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ඔක්තෝබර් 15 වැනි දින ඉදිරිපත් කළ බවට සඳහන් වෙනවා. නමුත් මෙම නයිට්‍රජන් පොහොර තොගය ඉන්දියාවෙන් ගෙන්වාගෙන තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට පටහැනිව බව දැන් පැහැදිලියි.
“මෑත කාලයේ සුදු ලූනු ගනුදෙනුවක දී වංචාවක් සිදු වුණා. සීනි වංචාවක් සිදු වුණා. පොල්තෙල් ගනුදෙනුවක දී වංචාවක් සිදු වුණා. ගෑස් ගනුදෙනු සිද්ධ වෙලා තිබෙනවා. රටේ සිදුවන සෑම ගනුදෙනුවකින්ම හොරකම් කරන්න කැබිනට් මණ්ඩලයේ පවා දේශපාලකයෝ තීන්දු තීරණ ගන්න තත්ත්වයට පත් වෙලා. මෙවැනි ආනයනයක දී ඇස්තමේන්තුවක් නැද්ද? පොහොර තොගයට අනුව නොවෙයිද මුදල් වෙන් කරන්නේ? භාණ්ඩාගාරයේ තිබෙන මුදල් ඕනෑම පෞද්ගලික ගිණුමකට හුවමාරු කරන්න පුළුවන්ද? කැබිනට් තීරණය තිබියදී ඊට පිටින් පුද්ගලයන් දෙදෙනකුගේ ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදු වුණේ කාගේ උවමනාවකටද? ඊට අනුමැතිය දුන්නේ කවුද? මේවා මේ රටේ ජනතාව දැනගත යුතුව තිබෙනවා.
“මෙම ප්‍රවෘත්තිය වාර්තා කළ පුවත්පතේ ප්‍රධාන කතෘවරයා සහ මාධ්‍යවේදියා රහස් පොලීසියට ගෙනවිත් ප්‍රශ්න කර, ඒ සම්බන්ධයෙන් යන විමර්ශනය දෙස අප හොඳින් බලා සිටිනවා. අප මේ රටේ ජනතාවගෙන් වගේම මේ රටේ මාධ්‍ය ආයතනවලින්, මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා මේ කරුණු දිහා හොඳ අවධානයකින් ඉන්න කියලා. මෙම ගනුදෙනුව සඳහා යොදා ගත් කෝටි 29න් විශාල වංචාවක් සිදු වෙලා තිබෙනවා. මහජන බැංකුවේ සභාපතිවරයා පවා කියනවා මෙවැනි ගිණුමක් හරහා මෙම ගනුදෙනුව සිදුවෙන බව තමන් දැනගෙන හිටියේ නැති බව. ඩොලර් මිලියන 1.257ක් කියන්නේ සුළු මුදලක් නොවේ. එවැනි මුදලක් ගනුදෙනු වන විට ඒ පිළිබඳ ජනතාවට විනිවිදභාවයක් තිබිය යුතුයි.”
නුවන් හෙට්ටිආරච්චි