22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑජාප ආණ්ඩුවක් යටතේ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා

එජාප ආණ්ඩුවක් යටතේ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙනවා

වජිර අබේවර්ධන

ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ඇතුළු වර්තමානයේ රට මුහුණ පා සිටින සියලු ප්‍රශ්නවලට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 දෙසැම්බර් මාසයේ පිහිටුවන එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ නියත වශයෙන්ම විසඳුම් ලබාදෙන බව එම පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පෙරේදා (24) කරණ්දෙනියේදී පැවසීය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩසටහන සම්බන්ධව කරණ්දෙනිය මැතිවරණ කොට්ඨාසයේ එජාප ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා එම මැතිවරණ කොට්ඨාසයේ පැවැති ක්‍රියාකාරී හමුවකට එක්වෙමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි 08 වෙනිදා රටේ අගමැති ධූරයට පත්වී ශ්‍රී ලංකා ගුරු විදුහල්පති වැටුප් සියයට සියයකටත් වඩා වැඩි කළ බවත් ඒ අනුව ගුරු සේවයේ 3 -11 සේවයේ මූලික වැටුප රුපියල් 13,410.00 සිට රුපියල් 27,740.00 දක්වා 106%ක ප්‍රතිශතයකින්ද ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I පන්තියේ අයකුගේ මූලික වැටුප රුපියල් 36,755.00 සිට රුපියල් 76,175.00 දක්වා 107%ක ප්‍රතිශතයකින්ද වැඩි වූ අතර එලෙස වැඩි කරන ලද වැටුප විශ්‍රාම වැටුපට එකතු කළ බවත් ඒ මහතා කීිය. බොහෝ අය එදා පැවැති අපේ පාලනයට දොස් කිව්වද අප එදා වැඩි කරන ලද වැටුප නොගෙන පරණ වැටුපෙන් ජීවත්වීමට සිදුවූවානම් මේ රටේ ගුරුවර ගුරුවරියන්ට මොනතරම් ඛේදවාචකයකට මුහුණ දෙන්න සිදුවෙනවාද කියා ඉතා කල්පනාවෙන් සිතා බැලිය යුතුයැයි ද හෙතෙම කීවේය.

ශිරෝමි අබයසිංහ