25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනෙට්බෝල් මුල් පුටුවට පුදුම ඉල්ලුමක්

නෙට්බෝල් මුල් පුටුවට පුදුම ඉල්ලුමක්

5ක් නාම යෝජනා දෙති

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති තනතුරට පස් දෙනෙක් නාමයෝජනා ලබා දෙති. මෙය නෙට්බෝල් නිලවරණය පැවැති ඉතිහාසයේ සභාපති පුටුවට වැඩිම ඉල්ලුමක් පවතින අවස්ථාවක් වේ. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන, හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් හා වත්මන් සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි. හිටපු ජාතික පුහුණුකාරිනී හා තේරීම් කමිටු සභාපති පද්මා බැද්දෙවෙල, හිටපු ජාතික පුහුණුකාරිනී හයසින්ත් විජේසිංහ හා බදුල්ල දිස්ත්‍රික්කයේ ගීතා පතිරණ යන මහත්මීහු නෙට්බෝල් සම්මේලනයේ සභාපති තනතුරට නාමයෝජනා භාර දුන්හ.

කොරෝනා හේතුවෙන් කල්ගිය නෙට්බෝල් සම්මේලනයේ නාමයෝජනා අලුතින් කැඳවීමට නිලවරණ කමිටුව කටයුතු කොට තිබූ අතර, ඊයේ නාම යෝජනා විවෘත කෙරිණි. නෙට්බෝල් නිලවරණය ලබන මස 15 දා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙතෙක් නෙට්බෝල් සම්මේලන ඡන්ද විමසීම සඳහා සාමාජික සංගම් 33ක් ඡන්දය ප්‍රකාශ කළද මෙවර නිලවරණය සාමාජික සංගම් 24කට සීමා කොට තිබේ. මෙලෙස ඡන්ද අයිතිය අහෝසි කොට ඇත්තේ තරුණ සේවා, නිදහස් වෙළෙඳ කලාප, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකළපුව, ත්‍රිකුණාමලය, මාතර, වව්නියාව, මුලතිව්. හම්බන්තොට හා මාතර සංගම් වේ.

නෙට්බෝල් සම්මේලනයේ මෙතෙක් පැවැති උප සභාපති තනතුරු 3ක් හා නියෝජ්‍ය සභාපති තනතුරක් අහෝසි කොට ඇති අතර, තරග කමිටු ලේකම් තනතුර ද මේ නිලවරණයේදී නොසලකා හැර තිබේ. නෙට්බෝල් සම්මේලනය සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති, උප භාණ්ඩාගාරික හා උප ලේකම් තනතුරුවලින් පමණක් සමන්විය යුතු බවට නෙට්බෝල් නිලවරණ කමිටුව තීරණය කොට ඇත. උප සභාපතිවරයා ඡන්දයෙන් තෝරා නොගන්නා අතර, එම අවස්ථාව පාසල් නෙට්බෝල් සංගමයට ලබාදී ඇත.

හිටපු සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය කිසිදු තනතුරකට ඉදිරිපත් නොවන අතර, ඇයගේ හා හිටපු නිලධාරිනියන් පිරිසකගේ පුර්ණ සහයෝගය මත පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය තරගයට පිවිස සිටීම විශේෂත්වයකි.

රංජනි ජයකොඩි මහත්මියට නෙට්බෝල් පරිපාලනයේ හිටපු සභාපතිවරියක් හා හිටපු ජාතික පුහුණුකාරිනියක් ඇතුලු පිරිසකගේ සහයෝගය ලැබී ඇතැයි පැවැසේ. වෙනදා රාජ්‍ය සේවා නෙට්බෝල් සංගමයෙන් සටනට පිවිසෙන ට්‍රික්සි නානයක්කාර මහත්මිය ද මෙවර තරග බිමේ නැත.

ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණයට අදාළ නාම යෝජනා මෙසේය:

සභාපති (තනතුරු 1යි) – කෝකිලා ගුණවර්ධණ (ගම්පහ) , රංජනී ජයකොඩි (මාතලේ), පද්මා බැද්දේවෙල (කොළඹ), හයසින්ත් විජේසිංහ (කෑගල්ල), ගීතා පතිරණ (බදුල්ල)

ලේකම් (තනතුරු 1යි) – චම්පා ගුණවර්ධන (කලුතර), කුමුදුනී ගෝමස් ( බස්නාහිර)

භාණ්ඩාගාරික (තනතුරු 1යි) – පී. ජේ. හොරණගේ (කොළඹ), සංජීවනී පීරිස් (වෙළෙඳ සේවා)

උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) – වි ඩී. ටී. සුමිත්‍රා (රාජ්‍ය සේවා), ඉන්දීවරී මධුෂිකා (ජනසතු සේවා)

උප ලේකම් (තනතුරු 1යි) – සුභානී උඩවත්ත (කොළඹ), ටී. අබීතා (යාපනය)

ප්‍රින්ස් ගුණසේකර