28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිපීඑල් අලුත් පිලට කෝටි 19දහසක ලංසුවක්

අයිපීඑල් අලුත් පිලට කෝටි 19දහසක ලංසුවක්

අයිපීඑල් ඉතිහාසයේ එතෙක් මෙතෙක් වැඩිම මිලකට ලංසු තැබූ කණ්ඩායම ලෙස තරගාවලියට අලුතින් එක් වූ ලක්නව් කේන්ද්‍ර කරගත් කණ්ඩායම ඉතිහාසයට එක් විය. ඉන්දියාවේ කොල්කටා නුවර මූලස්ථානය කරගත් බහුජාතික සමාගම් සමූහයක් වන RPSG Group සමාගම් සමූහය පෙරේදා ඩුබායි නුවර පැවැති වසර 2022ට අලුතින් එක් වූ කණ්ඩායම් 2 අතරින් ලක්නව් කණ්ඩායම මිල දී ගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 7,090කටය. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි දහනව දහස ඉක්මවයි.

ලබන වසරේ සිට අයිපීඑල් තරග බිමට අලුතින් එක්වන කණ්ඩායම් දෙක වන ලක්නව් සහ අහමදාබාද් කේන්ද්‍ර කරගත් කණ්ඩායම් සඳහා ලංසු තැබීමට සමාගම් 10ක් ඉදිරිපත් වී සිටි අතර, ආර්පීඑස්ජී සමාගම් සමූහය ලක්නව් කේන්ද්‍ර කරගත් කණ්ඩායමට ඉහළම ලංසුව තබද්දි අහමදාබාද් කේන්ද්‍ර කරගත් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 5,625කට අලෙවි වූයේ තවත් ප්‍රමුඛතම සමාගමක් වන සීවීසී කැපිටල් සමාගම තැබූ ඉහළ ලංසුවට අනුවය. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි පහළොස් දහසකට අධිකය.