Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

අනුරාධපුරයට කුඩු බෙදූ අයෙක් මාට්ටු

අනුරාධපුර නගරයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී ඔහු...
HomeNewsලෝක ආරක්ෂක සේවා ජූඩෝ තරගාවලියට ගුවන් හමුදාවෙන් 10ක් අද යති

ලෝක ආරක්ෂක සේවා ජූඩෝ තරගාවලියට ගුවන් හමුදාවෙන් 10ක් අද යති

40 වැනි ලෝක ආරක්ෂක සේවා ජූඩෝ තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායම අද (27) ප්‍රංසය බලා පිටත් වේ. එම තරගාවලියේදී විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට අන්තර්ජාතික ජූඩෝ විනිසුරු ගුවන් හමුදාවේ නුවන් අත්තනායක මහතා ද කණ්ඩායම සමඟ එක් වී සිටී.

ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ අන්තර්ජාතික තරග බිමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු වන චාමර නුවන් ධර්මවර්ධන විසිනි.

ඔහු කි.ග්‍රෑ. 73 බර පන්තියෙන් තරගාවලියට එක් වී සිටින අතර, සුරාජ් ආරච්චි (කි.ග්‍රෑ.81), ගයාන් අබේසිංහ (කි.ග්‍රෑ.100), ප්‍රභාත් ගුණදාස සහ ඉර්ෆාන් ඔස්මන් (කණ්ඩායම් තරග ඉසව්) පිරිමි තරග අංශය නියෝජනය කරති. ප්‍රාර්ථනා සඳමාලි (කි.ග්‍රෑ.48), සීදේවි (කි.ග්‍රෑ.70), ගනීෂා ලක්ෂානි (කි.ග්‍රෑ.78), නදීෂානි ෆොන්සේකා (කි.ග්‍රෑ. 52) සහ ඉරේෂා චතුරංගනි (කි.ග්‍රෑ.63) කාන්තා තරග අංශයට එක් වී සිටිති.

එයාර් වයිස් මාෂල් රවීන්ද්‍ර ලියනගමගේ මහතා ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ සභාපති ලෙස කටයුතු කරන අතර, ගෘප් කපිතාන් මනෝජ් ගලප්පත්ති මහතා ලේකම්වරයා ලෙස කටයුතු කරයි. ගුවන් හමුදා ජූඩෝ සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ස්කොඩ්රන් ලීඩර් තුෂාර හෙට්ටිආරච්චි මහතා විසිනි. ජූඩෝ ශූරතාවලියට සහභාගි වන ගුවන් හමුදා කණ්ඩායමට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා සුබ පැතුම් එක් කළේය.