30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජෛව බුබුළු සංකල්පයට උපාය මාර්ගික සැලැස්මක්

ජෛව බුබුළු සංකල්පයට උපාය මාර්ගික සැලැස්මක්

ක්‍රීඩා තරගවලදි කොරෝනා වසංගතය වළක්වා ගැනීමට හඳුන්වා දුන් ජෛව බුබුළු සංකල්පය පිළිබඳ ක්‍රීඩකයකු ලෙස, පුහුණුකරුවකු ලෙස මෙන්ම ක්‍රීඩා පාලකයකු ලෙස ඔබ දැනුවත්ද? ජෛව බුබුළ තුළ දිගු කාලයක් රැඳී සිටීම මානසික රෝගවලට තුඩු දිය හැකි බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සුවතාව පිළිබඳ පෙරට වඩා අවධානය යොමු කළ යුතු අතර, මේ සඳහා උපාය මාර්ගික ක්‍රම අනුගමනය කිරීම ලොව පිළිගත් මතය වේ.

ජෛව බුබුළ තුඝ රැඳී සිටින සියල්ලන්ට වඩාත් ව්‍යුහගත මානසික පුහුණු සැසි පැවැත්වීම සිදු කළ යුතු වේ. මානසික රූපණය (mental imagery), සිහිකල්පනා වර්ධන සැසි (visualization), වීඩියෝ ඇමතුම් ඔස්සේ සමීපතමයන් සමඟ සම්බන්ධ වීම, යෝග වැනි ක්‍රම භාවිතා කිරීම මෙහි තවත් අංශ වේ. සෑම විටම ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය පරීක්‍ෂා කළ යුතු වේ.

ක්‍රීඩකයන්ගේ මානසික සුවතාව ගැන අවධානය යොමු නොවීමෙන් ක්‍රීඩකයන්ගේ යහපැවැත්මට බලපෑමක්‌ සිදු වන බැවින් ඔවුන්ට සහයෝගය දැක්වීම සඳහා ක්‍රියා කළ යුතු අතර, ජෛව බුබුළු සංකල්පය සමඟ ක්‍රීඩකයන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ බරපතළ ලෙස සැලකිලිමත් විය යුතු වේ.

හිටපු ඉන්දීය පුහුණුකරුවකු වන පැඩී අප්ටන් මෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෛද්‍ය විශේෂඥයන්ද ජෛව බුබුළු සංකල්පයේ අනතුරුදායක බව සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදු කර ඇත. වසංගතයට පෙර ඔවුන් තරගවලට සහභාගි වූ ලෙස ඔවුන්ට හැසිරිය නොහැකිවීම හේතුවෙන් නව ක්‍රමවලට අනුගත වීම ඔවුන්ට අභියෝගාත්මකය.

එය ඔවුන්ට මානසික පීඩාවක් ඇති කරනු ලබන අතර, ඒ හරහා මානසික තෙහෙට්ටුව, මානසික අවපීඩන, ආතතිය ඇති විය හැකිය. මානසික ආතතිය ක්‍රීඩා තරග ජයග්‍රහණයට මෙන්ම ඔවුන්ගේ ජිවිතයටද අහිතකර ලෙස බලපෑම් කිරීමේ හැකියාව ඇත. එය ආහාර ජීර්ණ ගැටලු සහ නින්දට බාධා වීම වැනි ශාරීරික තත්වයන් ඇති කළ හැකිය. එය ව්‍යාකූලත්වය, කාංසාව සහ මානසික අවපීඩනය ඇතුළු මානසික හා චිත්තවේගී ආතතීන් ඇති කළ හැකිය. එබැවින් කොරෝනා වසංගතය වළක්වා ගැනීමට හඳුන්වා දුන් ජෛව බුබුළු සංකල්පය ක්‍රියාත්මකවීමේදී මානසික සුවතාව පිළිබඳ උපාය මාර්ගික ක්‍රම අනුගමනය කිරීම වැදගත් වේ.

නඳුනි විජේතුංග 
ක්‍රීඩා විද්‍යා අධ්‍යයන අංශය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය