33 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර 75ක් හිස්

ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධුර 75ක් හිස්

Author(s): 
නුවන් කොඩිකාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායක ධුර 75කට වැඩි සංඛ්‍යාවක් පුරප්පාඩුව ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

පුරප්පාඩු වී පවතින සියලු ආසන සඳහා පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ කඩිනමින් සංවිධායකයන් පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබේ.

ඒ අනුව ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට අයදුම් කර ඇති පුද්ගයන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා කමිටුව පක්ෂ මූලස්ථානයේදී අද (27) රැස් වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් රාජ්‍ය ඇමැති නීතිඥ දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් සිල්වා මහත්වරුන්ගෙන් නාම යෝජනා කමිටුව සමන්විතය.

නොවැම්බර් 15 දා වන විට මේ සියලු කටයුතු අවසන් කිරීමට කමිටුව අපේක්ෂා කරන අතර, පක්ෂ නායකත්වය වෙත සවිස්තර වාර්තාවක් දීමටද නාම යෝජනා කමිටුව තීරණය කර තිබේ.